මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වත්මන් රජය අහෝසි නොකරන බවත් අහෝසි කිරීමට නොහැකි බවත් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ...
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වත්මන් රජය අහෝසි නොකරන බවත් අහෝසි කිරීමට නොහැකි බවත් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ සම්බන්ධව අදහස් දැක්වූ අමාත්‍යවරයා රාජ්‍ය හා පුද්ගලික අංශ ඒකාබද්ධව කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තුවට විසඳුමක් ලබාදිය නොහැකි බැවින්, ඔක්තෝම්බර් මාසයෙන් පසුව තීන්දුවක් ලබා දිය හැකි බවත් කියාසිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ,"විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට අවශ්‍ය සෑම දෙයක්ම දීලා තියෙනවා. ඒ නිසා දැන් වෙන ප්‍රශ්නයක් අල්ලගෙන කෑ ගහනවා. දීපු දෙයක් ආපසු ගන්න පුළුවන්ද?. ඒක කරන්න බැහැ. පසුගියදා පැවැති උද්ඝෝෂණයට එක දේශපාලකයෙක් බස් 50 ක් දීලා තියෙනවා. අපි දන්නවා." යනුවෙනි.
COMMENTS