දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ගෝඨාට ඇමෙරිකාවේදි නඩු දැමූ කුමාර් සමනේතන්ට ත්‍රස්ත චෝදනා - ෆොන්සේකා, විග්නේෂ්වරන් පවා හමුවෙලාලු" පැරණි නඩු වාර්තා සමග කාංචන හෙළිකරයි !
Homeප්‍රවෘත්ති

"ගෝඨාට ඇමෙරිකාවේදි නඩු දැමූ කුමාර් සමනේතන්ට ත්‍රස්ත චෝදනා - ෆොන්සේකා, විග්නේෂ්වරන් පවා හමුවෙලාලු" පැරණි නඩු වාර්තා සමග කාංචන හෙළිකරයි !

PropellerAds

හි ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදයේදි පැවරූ නඩුවක් පසුගිය දිනවල කතාබහට ලක්විය. කොටි ත්‍රස්තවාදියෙකුගේ මානව හිමික...

'ඇමති ජෝන් අනාගත්තා' - වත්තලදී 'හූ' සංග්‍රහයක් (VIDEO) 
දඹුල්ලේ සංඝාවාසයක හදිසි ගින්නක් (PHOTOS)
මැණික් පතලක අභිරහස් මළ සිරුරක් (PHOTOS)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදයේදි පැවරූ නඩුවක් පසුගිය දිනවල කතාබහට ලක්විය. කොටි ත්‍රස්තවාදියෙකුගේ මානව හිමිකම් උල්ලංඝණය කළා යැයි N.G.O සංවිධානයක් විසින් මෙලෙසින් ගෝඨාට එරෙහිව නඩු පවරා තිබුණි.

එම නඩුවට මූලීකත්වය ගත් රෝයි මනෝජ් කුමාර් සමනේතන් ශ්‍රී ලංකාවේදි ත්‍රස්තවාදී චෝදනාවන්ට හසුවූ පුද්ගලයෙක් බව චෝදනා එල්ල වී තිබෙනවා. තවද ගෝඨාට එරෙහිව මෙම නඩුව දැමූ මෙම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ උතුරු පළාත් මහ ඇමති සී. වි විග්නේෂ්වරන් පවා හමුව තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. මේ චෝදනා එල්ල කරන්නේ මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර විසින්.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කාංචන මන්ත්‍රීවරයා මේ බව හෙළිකර තිබුනා.

එම සටහන පහතින්,

"ගෝඨා - භය"

පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තා සහ සමාජ මාධ්‍ය උපුටා දක්වමින් පවසා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සිවිල් වන්දි නඩු දෙකක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොනු කර ඇති බවය. මෙය සිදුවන්නේ මෙම වසර අවසානයේ පවත්වන්න නියමිත ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වීම සඳහා සුදානම් වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අවසාන පියවර සඳහා විදේශගතව සිටින මොහොතකය.

මෙම නඩු දෙකෙන් එකක් ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උපත ලද පසුව කැනඩියානු පුරවැසිභාවය ලබා ගත් පුද්ගලයෙක් මගිනි. ඔහු නමින් රෝයි මනෝජ් කුමාර් සමනේතන් වේ. එමෙන්ම ඔහු මීට පෙර ජා ඇළ, නිවාසිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙසද සිට ඇත.

මොහු පිලිබඳව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති ත්‍රස්ත විමර්ෂණ ඒකකයේද, නීතිපති දෙපාර්තමේන්තුවේද සහ කොළඹ ඉහළ අධිකරණයේ වාර්තාවන තොරතුරුවලට අනුව,

* 1990 වසරේ ලංකාවෙන් පිට වන ඔහු 2005 වසරේ ලංකාවට නැවත පැමිණ ඇත්තේ තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමක් වන LTTE සංවිධානයේ කටයුතු වලට දායකත්වය දැක්වීමටය

* 2007 වසරේ සැප්තැම්බර් මස 14 වන දින ඔහුගේ නිවසේදී පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකයෙන් ඔහුව ප්‍රශ්ණ කිරීමට ගෙනයන අතර එහිදී අනාවරණය වූ කරුණු මත ඔහු සන්තකයේ තිබූ අධි බලැති රේඩාර් උපකරණ 4 ක් සහ GPS සහ සැටලයිට් පහසුමක් ඇති ජංගම දුරකථන සහ උපකරණ 600 ක් අත්අඩංගුවට ගෙන ඇත

* එම උපකරණ තම මිතුරෙක් වෙනුවෙන් රේගුවෙන් නිදහස් කර ගත් බව කීවත් එය සනාථ කිරීමට නොහැකි වී ඇත

* එම උපකරණ වන්නි ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ LTTE රූපවාහිනී සේවයක් වූ NTT සේවය ශක්තිමත් කිරීමට ගෙන ආ බව තහවුරු වී ඇත

* එම රුපවාහිනී සේවය ආරම්භ කිරීමට නායකත්වය දුන් LTTE සංවිධානයේ ජාත්‍යන්තර නායකයන් සමග කිට්ටු සම්බන්දකම් පැවැත්වූ මුහුන්දන් නමැති පුද්ගලයා සමග සම්බන්දකම් පවත්වා ඔහු සමග එක්ව එම උපකරණ කාලයෙන් කාලයට සිංගප්පුරුව හරහා ලංකාවට ගෙන එන ලද බවටද තහවුරු වී ඇත

* එම උපකරණ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතියෙන් තොරව ලංකාවට ගෙන්වූ බවට සනාථ වී ඇත

* එම ගෙන්වූ උපකරණ ලංකාවේ හෝ වෙනත් රටක ව්‍යාපාරයක් කිරීමට ගෙන්වූ බවට තහවුරු කිරීමටද අපොහොසත් වී ඇත

මෙම විමර්ෂණ කටයුතු වලින් පසුව ඔහුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රදවා තබා ගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි කොළඹ ඉහළ අධිකරණයේ නඩු පවරනු ලබයි. නඩු අංක (HC 5017/2009). එමෙන්ම 2010 වසරේ එම චෝදනා සියල්ල පිළිගැනීම නිසා ඔහුට රුපියල් ලක්ෂ පහක (500,000) දඩයක් නියම කරන අධිකරණය ඔහුව මෙරටින් කැනඩාවට පිටුවහල් කරන ලදි. 

තවද ඔහුට විරුද්ධව ගොනු කරන දෙවන නඩුව (HC 4502/2008) පළමු නඩුවේ චෝදනාවලට වරදකරු ලෙස පිළිගැනීම නිසා නීතිපති දෙපාර්තමේන්තුවවිසින් ඉවත් කර ගන්නා ලදි.

මෙම සිද්දියට වසර 9 ක් ගත වූ පසු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු ගොනු කරනු ලබන්නේද ඔහු ජනාධිපටිවරණයට තරඟ වැදීමට සුදනම් යැයි පැවසු පසු වීම සුවිශේෂී ක්‍රියාවකි. එමෙන්ම පසුගිය දින කිහිපයේ හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට ආගමන සහ විගමණ දෙපාර්තමේන්තුව ඇතුලත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ලබා දීමට රජය සුදානම් බව මාධ්‍ය තුලින්ද වාර්තා වී ඇත.

මෙම සිදුවීම් මෙලෙස සිදුවනවිට සමාජ මාධ්‍ය හරහා මෙම නඩුව ගොනු කල රෝයි මනෝජ් සහ සරත් ෆොන්සේකා මහතා මෙන්ම හිටපු උතරු පළාත් මහා අමාත්‍ය විග්නේශ්වරන් සමග සහ LTTE ඩයස්පෝරාව සමග සමීප සමබන්දකම් පවත්වන සාක්ෂි සහ තොරතුරු ලැබෙමින් පවතී. මොහු දීර්ඝ කාලයක් රජයේ ඉහළ තලයේ පුද්ගලයන් සමග සම්බන්දකම් පවත්වා ඇත.

මෙම ආණ්ඩුවේ සහ LTTE හිතවාදී පිරිසගේ එකම අරමුණ හිටපු ආරක්ෂක ලේකම්ගේ දේශපාලන බලාපොරොත්තුව වැලැක්වීමය. එය ආණ්ඩුව බලයට පත් වූ දා සිට ක්‍රියාකලාපය තුලින් පැහැදිලිය. සරත් ෆොන්සේකා මහතාට එහි වගකීමක් පවරනු ලබන්නේද එම අරමුණින්ය. පළමුව හමුදා කුමන්ත්‍රණයකින් ජනවාරි 8 වනදා ආණ්ඩු බලය අල්ලා ගැනීමට උත්සහ කල බව චෝදනා කරා, දෙවනුව ආරක්ෂක අමාත්‍යංශයේ මුදල් පෞද්ගලික ගිණුමකට බැර කර ගත් බව පැවසුවා, FCID එකේ පළමු නඩුව වශයෙන් ඇවන්ට් ගාඩ් නඩුව ගොනු කර මඩ ගැහුවා, එක්නැලිගොඩ සහ තාජුදීන් මරණයන් සඳහා ගෝඨාභය සම්බන්ද බව කියමින් නම කියන්න කියා හමුදා බිද්ධි අංශ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් වසර දෙකක් චෝදනා නොමැතිව සිර කර සිටියා, විශේෂ මහාධිකරණ පනවා පළමු නඩුව ලෙස DA රාජපක්ෂ කෞතුකාගාරයේ නඩුව ගොනු කරා. අවසානයේදී ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු සිදු කරන විට දැන් පදනම් විරහිත නඩු ජාත්‍යන්තරයේ හෝ ගොනු කර බාධා ඇති කරන්න උත්සහ කරනවා.

ආණ්ඩුව සහ ආණ්ඩුවට සහයෝගය දක්වන කුමන කණ්ඩායමක් කුමන අභියෝග ඉදිරපත් කලත් මේ රටේ බහුතර ජනතාව මීලග රටේ නායකයා බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර ගැනීමට එතුමා වටා රොද බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා වගේම ජයග්‍රහණය තව තවත් වැඩි වනවා නියතය.

කංචන විජේසේකර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ගෝඨාට ඇමෙරිකාවේදි නඩු දැමූ කුමාර් සමනේතන්ට ත්‍රස්ත චෝදනා - ෆොන්සේකා, විග්නේෂ්වරන් පවා හමුවෙලාලු" පැරණි නඩු වාර්තා සමග කාංචන හෙළිකරයි !
"ගෝඨාට ඇමෙරිකාවේදි නඩු දැමූ කුමාර් සමනේතන්ට ත්‍රස්ත චෝදනා - ෆොන්සේකා, විග්නේෂ්වරන් පවා හමුවෙලාලු" පැරණි නඩු වාර්තා සමග කාංචන හෙළිකරයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMRD9Ti6QE9Kk7UCRnXiwnpdzyR-3qakK3fNxyjW2MtoppM7Ey0WSFrNrePkR7-5bL5YVYnJrHP6dY3wA29btmN2rUDl-qR7PWxHvVgPYBV0U_OMV5iX88yXM34N6GYZXXZ7XsT_ZJXVEu/s320/roy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMRD9Ti6QE9Kk7UCRnXiwnpdzyR-3qakK3fNxyjW2MtoppM7Ey0WSFrNrePkR7-5bL5YVYnJrHP6dY3wA29btmN2rUDl-qR7PWxHvVgPYBV0U_OMV5iX88yXM34N6GYZXXZ7XsT_ZJXVEu/s72-c/roy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_355.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_355.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy