උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා වහාම අත්අඩංගුවට ගතයුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසයි...
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා වහාම අත්අඩංගුවට ගතයුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා කියාසිටියේ පසුගියදා දෙමළ මහජන සභාව විසින් සංවිධාන කළ 'එළුග තමිල්' විරෝධතාවයට රාජ්‍ය දේපල යොදාගෙන ඇති බවත් ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට දෙමළ බෙදුම්වාදී උද්ඝෝෂණයක් රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වා ඇති බවත්ය.
මේ අනුව මෙරට තුළ ජාතිවාදය අවුස්සන විග්නේෂ්වරන් මහතා වහාම අත්අඩංගුවටගත යුතුව ඇති බව මන්ත්‍රීවරයා කියාසිටියේය.
COMMENTS