දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයෝ දුක් වින්දා…. බැට කෑවා…. ඒවා අමතක නෑ….
Homeප්‍රවෘත්ති

අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයෝ දුක් වින්දා…. බැට කෑවා…. ඒවා අමතක නෑ….

PropellerAds

අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයෝ දුක් වින්දා. බැට කෑවා. ඒවා අමතක නෑ. ඒ කාලේ හැමදේම කළේ දේශපාලනේට. මේ ආණ්ඩුව පත් කළේ එක්සත් ජාතික පාක්ෂිකයෝ...

රට පුරා ඉන්ධන බෙදාහැරීම නතර කරනවා - IOC බෙදුම්කරුවන්ගේ සංගමය
සජිත්ගේ මහ ලේකම් රනිල් විසින් චප්ප කර දමයි.. කෘත්‍යාධිකාරියෙන් සම්මත කරගන්නැයි දන්වයි
පෞද්ගලික සරසවියක කෝටි 3ක් අන්තර්ජාලයෙන් සොරා ගනී

අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයෝ දුක් වින්දා. බැට කෑවා. ඒවා අමතක නෑ. ඒ කාලේ හැමදේම කළේ දේශපාලනේට. මේ ආණ්ඩුව පත් කළේ එක්සත් ජාතික පාක්ෂිකයෝ, අපි භාරගත්තේ ජිනීවා නූල් බෝලයක්,ඉදිරි අවුරුදු තුනේ අපි ජනතාවට ප්‍රතිලාභ දෙනවා.. අපි දැන් න්‍යාය පත්‍රයකට යනවා. 2025 පොහොසත් රටක් තමයි ඒක යැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා මේබව පැවසුවේ පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ

කවුරු මොනවා කීවත් ආපසු හැරිලා බලනකොට විශාල සතුටක් තියෙනවා. අපි කළේ නිහඬ විප්ලවයක්. රාජ්‍ය බලය, ධන බලය, මාධ්‍ය බලය මුකුත් නැතිව ජන බලය දිනුවා. අවුරුදු දෙක දිහා හැරිලා බලන්න. අපි භාර ගත්තේ අමාරු රටක්. රාජාණ්ඩුවක් තිබ්බේ. ඒකාධිපති පවුල් පාලනයක් තිබ්බේ. එහෙම රටක් අපි වෙනස් කළේ. සමහරුන්ට අමතක ඇති. ඒත් බොරු නොවන කාරණා රැසක් අපි කළා. 19 වැනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මහා විශාල වෙනසක්. ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. මහින්ද යුගයේ නයාට අඳුකොළ වගේ තිබ්බ තොරතුරු පනත අපි සම්මත කළා. ඒ වගේ දේවල් ගේන්න සාමාන්‍යයෙන් ආණ්ඩු කැමැති නෑ. ඒත් අපි ගෙනාවා. අපි ආශ්චර්යයේ උත්සව පෙන්වන්නේ නෑ. පෙට්රල් විතරක් අපි රුපියල් තිහකින් අඩු කළා. විදුලි මිල, ගෑස් මිල, බෙහෙත් මිල අඩු කළා. ගැබිනි කතුන්ට අපි පෝෂණ මල්ල හැම ගමකම දෙනවා. වැඩිහිටි දීමනා, සමෘද්ධිය, විශ්‍රාම වැටුප්, දෙගුණ කරලා වැඩි කළා. රජයේ සේවක වැටුප් දහදහකින් වැඩි කළා. පසුගිය ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා කීවේ රුපියල් 2000කින් හතර දෙනෙක්ගේ පවුලක ජීවත් වෙන්න පුළුවන් කියලා. ජනතාවට මේවා අමතක වෙන්න මැරිලා ඉපදිලා නෑ.

පෞද්ගලික අංශයට සහන ලැබුණේ අවුරුදු 40ට පස්සේ. ඒ කාලේ පෞද්ගලික අංශයට සලකපු හැටි මතකයිනේ. කටුනායකදී රොෂේන්ලාගේ ජීවිත උදුරා ගත්තේ. අපි දැන් න්‍යාය පත්‍රයකට යනවා. 2025 පොහොසත් රටක් තමයි ඒක. අපි පක්ෂ දෙක එකතු වෙලා යන අලුත් ගමනක් මේක. අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයෝ දුක් වින්දා. බැට කෑවා. ඒවා අමතක නෑ. ඒ කාලේ හැමදේම කළේ දේශපාලනේට. මේ ආණ්ඩුව පත් කළේ එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඒ අයට මහත් බලාපොරොත්තු තියෙනවා. අපි අමාරුම අවුරුදු දෙක ගෙව්වා. මේක මීටර් 100 තරගයක් නොවේ. මේක මැරතන් එකක්. අපේ නායකයෝ දෙන්නටම හති වැටෙන්නේ නෑ. ඒ අය මේ ගමන යන්නේ හරියට දැනගෙන.

අපි භාරගත්තේ ජිනීවා නූල් බෝලයක්. අල්ලපු රට පවා හිටියේ අපි එක්ක තරහින්. එහෙව් රට අපි වෙනස් කළේ. ලෝකෙන්ම අපේ රටේ නායකයන්ට ආරාධනා ලැබෙනවා. ජී. එස්. පී. ප්ලස් අපි දිනා ගත්තා. විදුලි පුටුව කියන වචනේ ශබ්ද කෝෂයෙන් ඉවත් කළා. අපි රටක් හැටියට පෙරට යන ගමන් අපේ පාක්ෂිකයෝ ගැනත් හිතන්න ඕන. ඉදිරි අවුරුදු තුනේ අපි ජනතාවට ප්‍රතිලාභ දෙනවා. අනික මිනිස්සු මේ වෙනකොට කියන්නේ දූෂිතයන්ට දඬුවම් දෙන්න කියලා. දැන් ඒවත් කඩිනම් වෙලා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයෝ දුක් වින්දා…. බැට කෑවා…. ඒවා අමතක නෑ….
අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයෝ දුක් වින්දා…. බැට කෑවා…. ඒවා අමතක නෑ….
http://ift.tt/2fdfx13
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/20_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/20_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy