උතුරේ අන්තවාදීන් කටඅරිනවිට දකුණේ අන්තවාදීන්ට වාසි සහගත වන බවත්, දකුණේ අන්තවාදීන්ගේ ක්‍රියා උතුරේ අන්තවාදීන්ට වාසි සහගත බවත් රාජ්‍ය භාෂා හා...
උතුරේ අන්තවාදීන් කටඅරිනවිට දකුණේ අන්තවාදීන්ට වාසි සහගත වන බවත්, දකුණේ අන්තවාදීන්ගේ ක්‍රියා උතුරේ අන්තවාදීන්ට වාසි සහගත බවත් රාජ්‍ය භාෂා හා ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පැවසුවේ මේ හේතුවෙන් දෙපාර්ශවයම අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවක සිටින බවයි.
පසුගියදා මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට පහරදීම තමා තරයේ හෙලාදකින බව කී අමාත්‍යවරයා එවැනි සිදුවීම්වලින් ලකුණු වැටෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බව ද පැවසීය.
රට තුළ පවතින මෙම තත්ත්වය මේවන විට රටින් පිටතටද ව්‍යාප්තව ඇති බව මැලේසියානු සිදුවීමෙන් පැහැදිලිවන බවත් මෙම ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන්ට උපරිමයෙන් දඬුවම් ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් මීට පෙරාතුවද වාර්තා වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා වරෙක අමෙරිකාවේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරයෙකුට කණට ගැසු සිද්ධියක් වාර්තා වූ බවත්, රජීව් ගාන්ධිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර සොල්දාදුවෙකු විසින් රජීව්ට තුවක්කු බන්දෙන් පහරදුන් බවත් අවධාරණය කළේය.
එහෙත් මෙවැනි සිදුවීම් යළි සිදුනොවිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා සංහිඳියාව වර්ධනය කර ගැනීම පිණිස ක්‍රියා කළ යුතු බවත් එහිදී භාෂාව ඉතාම වැදගත් බවත් සඳහන් කළේය.
තමන් සිංහල භාෂාව ඉගෙන ගත්තේ පාර්ලිමේන්තුවේ දෙපස වාඩිවී සිටි විමල් වීරවංශ හා බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් බවත් එහෙත් භාෂාව මිස දේශපාලනය ඔවුන්ගෙන් කිසිවිටෙකත් ඉගෙන නොගත්බවත් ඔහු කියා සිටියේය.
දේශපාලන වශයෙන් කෙතරම් බංකොලොත් වුවද මොවුන් දෙදෙනාම චතුර ලෙස සිංහල භාෂාව හසුරුවන දක්ෂ කථිකයින් බැව් මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS