වැරදිකරුවන්ට දඬුවම් දී මිස තමන් අස් නොවන බව ජනාධිපතිවරයා පැවසූ බවත් ජනාධිපතිවරයා එතරම් කලබල විය යුතු නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක...
වැරදිකරුවන්ට දඬුවම් දී මිස තමන් අස් නොවන බව ජනාධිපතිවරයා පැවසූ බවත් ජනාධිපතිවරයා එතරම් කලබල විය යුතු නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මේ ළඟදී ගිහිල්ලා විවෘත කළා. අද මන් සිහිනය සැබෑ කළා කියලා. එයාගේ සැබෑව, ඒකට ගත්ත ණය වලට මට ණයකාරයයි කියනවා. අන්තිමට එයාගේ සිහිනයයි කියනවා. ණය ගත්තා විතරක් නෙවෙයි මම ඒකෙ 70%ක් හදලා තිබුණා. මම පහුගිය දවසේ දැක්කා, අපි ඔක්කොම නරකාදියට ඇදගෙන යනවාය, අවීචි මහා නරකාදියට යනකන් මට නින්ද යන්නේ නැහැ, මම අස්වෙන්නේ නැහැ ගානවා. එහෙම කලබල වෙන්න එපා ජනාධිපතිතුමා. ඔබ දැන් ජනාධිපති. එතුමාගේ කඩුව දෙපැත්තම කැපෙනවා. ඔය දෙපැත්ත කැපෙන කඩුව අරගෙන යන එක මහ භයානකයි ඉනේ ගහගෙන. බොරු චෝදනා කරලා, බොරු කියලා ජනතාව හැමදාම රවට්ටන්න බැහැ. එක පාරක් රැවටෙයි, හැබැයි දෙපාරක් රැවටෙන ජනතාවක් ලංකාවේ නැහැ. දැන් වැරදිලාවත් ගිහිල්ලා අර පරණ කොලේ ඉරා ගෙන ඇගේ හලා ගන්නේ නැතුව පොහොට්ටුව මතක තියා ගන්න.”
COMMENTS