දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුව බලයට ආවොත් බොදුබලය සහ රාවණා බලය කරළියට
Homeප්‍රවෘත්ති

පොහොට්ටුව බලයට ආවොත් බොදුබලය සහ රාවණා බලය කරළියට

PropellerAds

පොහොට්ටුව බලයට පැමිණියහොත් බොදුබල සේනාව සහ රාවණා බලය කරළියට පැමිණීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න...

ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු හා ශිෂ්‍ය සංගමයේ සභාපති අත්අඩංගුවට !
අපේ ක්‍රීඩකයෝ ඔලිම්පික් යන්නේ ට්‍රිප් යනවා වගේ…සමහරු ඔලිම්පික් ගියේ සපත්තු දෙක ගෙදර තියල – නාමල් රාජපක්ෂ
මොඩර්නා එන්නත ගෙන්වීමට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් CIDයට පැමිණිල්ලක්
පොහොට්ටුව බලයට ආවොත් බොදුබලය සහ රාවණා බලය කරළියට

පොහොට්ටුව බලයට පැමිණියහොත් බොදුබල සේනාව සහ රාවණා බලය කරළියට පැමිණීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

බේරුවල ස්වාධීන කණ්ඩායමේ ඇතුලේ ඉන්නේ පොහොට්ටුව බවත් එහිදි මහින්ද රාජපක්ෂ මහතා ඩබල් ගේමක් ගහන බවත් ඒ අය බලයට පැමිණියහොත් යළි බොදුබල සේනාව, රාවණා බලය කරළියට එන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා බේරුවල පැවැති ජනහමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ප්‍රහාර එල්ල කළත් ඔවුන් සැළෙන්නේ නැහැ. තව තවත් ශක්තිමත් වෙනවා. සමාජ ජාලා වෙබ් අඩවි වලින් ඉතාම පහත් අන්දමින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පහර දෙනවා. පසුගිය රජය සමයේ මහරජාණෝට එහෙම පහර දුන්නා නම් පහර දුන් මිනිහා හොයා ගන්නත් නැහැ. ඇතැම් පට්ට හොරු දුෂණය, භීෂණය ගැන කියමින් කථා කරනවා. නමුත් අල්ලස් කොමිසමට කැදවූ පසු නයා ගැහුවා කියලා හිටපු මන්ත්‍රීවරුනුත් මේ අතර ඉන්නවා. මනුෂ්‍ය ඝාතන සහ හොරකම් වලට සම්බන්ධ අය ගල උඩ සටනකයි ජීවත් වන්නේ. ජිවිත බේරා ගැනීමේ අරමුණින් තමයි ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ. මනුෂ්‍ය ඝාතනවල පරීක්ෂණ කඩිනමින් ක්‍රියාත්මක වනවා. මේ පරීක්ෂණවල ප්‍රතිඵල කඩිනමින් ලැබෙනවා.“

“පසුගිය රජය සමයේ දී හිටපු ජනාධිපතිවරයාට වඩා හිටපු ආරක්ෂක ලේකම්වරයා තමයි විනය විරෝධී වැඩ රැසක් සිදු කළේ. බොදුබල සේනාව රාජපක්ෂ සේනාවක්. මුස්ලිම්වරුන්ට විරුද්ධවයි ඔවුන් කටයුතු කළේ. මම කියන්න කැමැතියි ජනවාරි 08 දින මහින්ද රාජපක්ෂ මහතාට අත් වූ ඉරණම ම බේරුවල ස්වාධීන කණ්ඩායමටත් අත්වෙනවා. උතුවන් කන්දේ සූර සරදියල් විදේශිය ජාතිකයින්ට විරුද්ධව සටන් කළා. දුප්පත් ජනතාවට සහන සැළසුවා. හරියට එංගලන්තයේ සිටි රොබින් හුඩ් වගේ. අන්තිම මොහොතවන විට සූර සරදියල් සමග ඉතිරි වුයේ මරික්කාර් නැමැති මුස්ලිම් ජාතිකයා පමණයි. ඔබලාත් එවැනි තීන්දුවක් ගනියි කියලා මා විශ්වාස කරනවා.

“බේරුවල ස්වාධීන කණ්ඩායමේ ඇතුලේ ඉන්නේ පොහොට්ටුවයි. එහිදි මහින්ද රාජපක්ෂ මහතා ඩබල් ගේමක් ගහනවා. ඒ අය බලයට පැමිණියහොත් යළි බොදුබල සේනාව, රාවණා බලය කරළියට එනවා. මුදල් වලට ජාතිය, ආගම පාවා දී ඡන්දය ලබාදෙන්න එපා. පොහොට්ටුව පක්ෂයේ නායකයාගේ ඡායාරූපය මැතිවරණ වේදිකාවේ දක්නට ලැබෙන්නේ නැහැ. පක්ෂ සාමාජිකත්වය නොමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය පමණයි එහි තිබෙන්නේ. ඔහු සමග තවදුරටත් දේශපාලනය කරන්න මුස්ලිම්වරුන්ට පුලුවන් ද. දර්ගා නගරයේ සහෝදර ජනතාවට කළ හානිය කවුරුත් දන්නවා. වසීම් තාජුඩීන් ඝාතන පරික්ෂණ වල දී හෙළී වී තිබෙනවා විහාර මහා දේවිය අරලිය ගහ මන්දිරයේ සිට දුරකථන ඇමැතුම් 46 ක් පොලීසියට ලබා දී තිබෙනවා කියලා. එහෙම තමයි අම්මා කෙනෙක් දරුවෙකු මරන්න උදවු කළේ. හිටපු ජනාධිපතිවරයා මහරජාණෝ සිංදුවට හරිම ආසයි. එම සිංදුව අහගෙන තමයි දුෂණය, වංචාව සිදු කළේ. අද මැතිවරණයේ දී බලය ඉල්ලා සිටින්නේ ජිවිතය බේරා ගැනීමටයි. අද මෙම හොරු ටික අහනවා වෙනස සැප ද කියලා. අපට නම් වෙනස සැපයි. හොරකම් කළ අයට නම් කිසිදු සැපයක් නැහැ.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුව බලයට ආවොත් බොදුබලය සහ රාවණා බලය කරළියට
පොහොට්ටුව බලයට ආවොත් බොදුබලය සහ රාවණා බලය කරළියට
http://am.lk/media/k2/items/cache/fe39f45506b47c081715132c56ad11f6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_529.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_529.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy