දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'දෙමළ ජනතාවනි නැගිටිව්' විරෝධතාවයට එන්නැයි විග්නේශ්වරන් ලිපි යවයි
Homeප්‍රවෘත්ති

'දෙමළ ජනතාවනි නැගිටිව්' විරෝධතාවයට එන්නැයි විග්නේශ්වරන් ලිපි යවයි

PropellerAds

'එළුග තමිල්' නොහොත් දෙමළ ජනතාවනි නැගිටිව් යනුවෙන් යාපනයේදී පැවැත්වීමට නියමිත විරෝධතා වැඩසටහන වෙනුවෙන් සියලු දෙනා සහභාගි වන ලෙස ඉල්...

අරිප්පු කොටුව (මන්නාරම) Arippu fort mannar
මහින්ද ,ඒකාබද්ධ විපක්ෂය ජාතියෙන් සහ ජනතාවගේ සමාව ගත යුතුයි..
බන්ධනාගාර රෝහ‍ලේ තිබි ජංගම දුරකථන 2 ක් මාට්ටු
'දෙමළ ජනතාවනි නැගිටිව්' විරෝධතාවයට එන්නැයි විග්නේශ්වරන් ලිපි යවයි

'එළුග තමිල්' නොහොත් දෙමළ ජනතාවනි නැගිටිව් යනුවෙන් යාපනයේදී පැවැත්වීමට නියමිත විරෝධතා වැඩසටහන වෙනුවෙන් සියලු දෙනා සහභාගි වන ලෙස ඉල්ලා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඊයේ (21) ලිපියක් නිකුත් කොට තිබේ.

විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව විසින් ලබන 24 වැනි දින මෙම විරෝධතා වැඩසටහන පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති අතර අදාල ලිපිය යාපනයේ ජනතාව අතරේ බෙදා හැර සියල්ලන්ටම ඊට සහභාගී වන මෙන් ඉල්ලීමක් කර ඇත.

ප්‍රධාන අමාත්‍යවරයා එම ලිපිය මඟින්,"දෙමළ භාෂාව කථා කරන ආදරණීය සහෝදර, සහෝදරියනි එළුග තමිල් වෙනුවෙන් සහභාගි වන ලෙසට මෙයින් පළමුව ඉල්ලා සිටිමි. උතුරු පළාතේ සිංහල ජනතාව අලුතින් පදිංචි කිරීමට විරුද්ධව හා උතුරු පළාතේ බෞද්ධයන් නොමැති ස්ථානයන්හි බුදු පිළිම ස්ථාපිත කිරීම නවතා දැමීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් විරුද්ධත්වය පළ කිරීමට එළැඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිත එළුග තමිල් විරෝධතා වැඩසටහන වෙනුවෙන් සහභාගිවන්න." ලෙස දන්වා තිබේ.

1958, 1961, 1974, 1977, 1983 යන වසරවලදී සිදු වු අරගල හා දෙමළ ජනතාවට සිදු වු අසාධාරණ හේතුවෙන් දෙමළ තරුණයින් සන්නද්ධ අරගලයන් දක්වා ගමන් කළ බවත් වර්තමානයේදීත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටුවී නොමැති බවත් විග්නේශ්වරන් මහතා එම ලිපියෙන් සඳහන් කොට ඇත.

එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් වෙත බලය ලබාදෙන බවට පැවසූව ද එම පොරොන්දුව කිසිඳු රජයක් ඉටුකොට නැති බවත් උතුරු පළාත තුළ ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කිරීමට හා රජයට බල කිරීමට මෙම විරෝධතා වැඩසටහන පැවත්වෙන බවත් එම ලිපියේ සඳහන් වේ.

වවුනියාව, බෝගස්වැව, නාමල්ගම, ඇතුලු වවුනියාව දිස්ති‍්‍රක්කයේ අලුතින් බිහිකළ සිංහල ගම්මාන, මන්නාරම හා යාපනය දිස්ත‍්‍රික්ක තුළ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බවට විරෝධතාවයේදී ඉල්ලීම් කිරීමට නියමිත බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

එම ලිපිය පහතින්.


වන්නි - රොමේෂ් මධුෂංඛ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'දෙමළ ජනතාවනි නැගිටිව්' විරෝධතාවයට එන්නැයි විග්නේශ්වරන් ලිපි යවයි
'දෙමළ ජනතාවනි නැගිටිව්' විරෝධතාවයට එන්නැයි විග්නේශ්වරන් ලිපි යවයි
http://ift.tt/2d1PZ42
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_421.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_421.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy