සැප් 13, 2017 08:45 පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවක නටඹුන් මන්නාරම චාරිකාවකදී අපට දැක ගත හැකි ය. මෙය අරිප්පු කොටුව ලෙස හැ...
සැප් 13, 2017 08:45
පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවක නටඹුන් මන්නාරම චාරිකාවකදී අපට දැක ගත හැකි ය. මෙය අරිප්පු කොටුව ලෙස හැඳින්වෙයි. පෘතුගීසීන් විසින් ඉදි කර ඇතත් වර්ෂ 1680දී මෙය ලන්දේසීන් විසින් නවීකරණය කර ඇති බවට සාධක වෙයි.
රොබට් නොක්ස් ද මෙම ස්ථානයට පැමිණ ඇතිවග ට අතීත සටහන් සාක්ෂි දරයි.
කොරල් ගල්, හුණු ගල් හා පිළිස්සූ ගඩොල් භාවිත කර මේ ඉදි කිරීම සිදු කර ඇත.
සිලාවතුර මාර්ගයේ පැමිණ අරිප්පු හන්දියෙන් හැරී කිලෝමීටර් හයක් පමණ යන විට මේ ස්මාරකය අපට දැකගත හැකිය.
COMMENTS