දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගේට්ටුව හැදුවෙ නැතැයි කියා දරුවා පාසලින් අස් කරගන්නලු
Homeගොසිප්

ගේට්ටුව හැදුවෙ නැතැයි කියා දරුවා පාසලින් අස් කරගන්නලු

PropellerAds

මිනිබිරිය විදුහලට ඇතුළත් කර ගැනීමට විදුහලේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අලුතින් සකසා දීමට පොරොන්දු වූවත් මුදල් අගහිඟකම් නිසා එම කටයුතු අතර...

පූජා උමාශංකර් පුද්ගලික උපකාරක පංතියකට කඩා පනී.. වයිට් බෝඩ් එකත් කිස් කර අමුතු පාඩමක් උගන්වයි..[Video]
බාටා දෙකයි, ටවල් එකයි ඇඳන් බැංකුවකට ආපු තරුණයා ෆේස්බුක් කළඹයි (PHOTOS)
“සමිතගේ පවුලෙන් මම ඈත් වෙලා ඉන්නේ මොකද මම විෂබීජ වලට බයයි ලෙඩ හැදෙනවා” අමායා අදිකාරි කියූ ආන්දෝලනාත්මක කතාව මෙන්න


මිනිබිරිය විදුහලට ඇතුළත් කර ගැනීමට විදුහලේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අලුතින් සකසා දීමට පොරොන්දු
වූවත් මුදල් අගහිඟකම් නිසා එම කටයුතු අතර මග නැවතීම නිසා සිය පුත්‍රයාගේ දියණිය පාසලෙන්
ඉවත්කර ගන්නා ලෙස මිහින්තලය පතිරාජ තෙන්නකෝන් කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය දරුවාගේ මවට
තර්ජනය කළ බව කියමින් සිසුවියගේ මිත්තණිය විසින් මිහින්තලය පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පෙරේදා

(03) උදෑසන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඇය මිහින්තලය පොලිසියට පැමිණිලි කරමින් කියා ඇත්තේ පදවිය ප්‍රදේශයේ ඉගෙනුම ලැබූ සිය පුත්‍රයාගේ
දියණිය පසුගිය පාසල් වාරයේ මිහින්තලය විද්‍යාලයට ඇතුළත් කළ බවත් සිය මිනිබිරිය විද්‍යාලයට ඇතුළත්
කර ගැනීම සඳහා අබලන්ව පවතින විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව වෙනුවට අලුතින් ගේට්ටුවක්
සකසා දෙන ලෙස විදුහල්පතිනිය ඉල්ලීම් කළ බවත්ය.

ගේට්ටුව ඉදිකිරීමට පොරොන්දුවූ පසු දරුවා පාසලට ඇතුළත් කරගැනීම සිදුවූ බවත් මුදල් අගහිඟකම් නිසා එහි
ඉදිකිරීම් අතරමග නවතා දැමීමට සිදුවීම නිසා විදුහල්පතිනිය තුන්වන පාසල් වාරය ආරම්භවීමත් සමග දරුවා
පාසලෙන් වහාම ඉවත්කර ගන්නා ලෙස බලපෑම් කර ඇති බව ඇය පොලිසියට පැමිණිලි කරමින් කියා තිබුණි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් මිහින්තලය පතිරාජ තෙන්නකෝන් කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිනියගෙන් දුරකථනයෙන්
කළ විමසීමකදී ඇය මෙසේ පැවසුවාය. මම කිසිම දරුවකුගේ දෙමාපියන්ට කියලා ගේට්ටු හදාගෙන නෑ.
මේ ගේට්ටු හදන්නේ පාසල් සංවර්ධන සමිතියෙන්. ඒ අය තමයි මියගිය දරුවන්ට පින් පිණිස කියලා ඒකට
මැදිහත්වුණේ. දරුවා පිළිබඳව දෙමාපියන් කිසිම අවධානයක් නෑ. දරුවා අසනීප වෙනවා.  දන්වන්න
කෙනෙක් නෑ. ඒ ගැන අවධානයක් යොමු කරන්න කිව්වා. නැත්නම් දරුවා පාසලෙන් ඉවත් කර ගන්න කියලා
නෑ. ඒ සිද්ධිය පිළිබඳව උසස් අධ්‍යාපන නිලධාරින් ඇතුළු පාසල් කාර්ය මණ්ඩලය දන්නවා යැයි ඇය
පැවසුවාය.
බුද්ධික විජේසූරිය – අනුරාධපුර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගේට්ටුව හැදුවෙ නැතැයි කියා දරුවා පාසලින් අස් කරගන්නලු
ගේට්ටුව හැදුවෙ නැතැයි කියා දරුවා පාසලින් අස් කරගන්නලු
http://ift.tt/2bMXQ0w
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_378.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_378.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy