රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් හොරණ, ගල්පාත කාපට් වැඩබිමට අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී පසුගිය රජය සමයේදී රුපියල් ලක්ෂ 270ක පාඩුවක් සිදුවී තිබෙ...
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් හොරණ, ගල්පාත කාපට් වැඩබිමට අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී පසුගිය රජය සමයේදී රුපියල් ලක්ෂ 270ක පාඩුවක් සිදුවී තිබෙන බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම මූල්‍ය වංචාවට වගකිවයුතු බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඇණවුම සමග චෙක්පත ලබාදීම යන ක්‍රමවේදය යටතේ ජයලත් කන්ස්ට්‍රක්ෂන් සමාගමට රුපියල් ලක්ෂ 70කට වැඩිමුදලක් සහ රුවන් ට්‍රේඩ් සෙන්ටර් ආයතනයට රුපියල් ලක්ෂ 198 වශයෙන් රුපියල් ලක්ෂ 270ක් ගෙවා ඇති බවත් ඇණවුම සමග චෙක්පත ලබාදුන්නද සැපයුමක් සිදුකර නැති බවත් ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
2012 වසරේ දෙසැම්බර් ආරම්භ කළ මෙම වැඩපොළ 2013 වසරේ අගෝස්තු මාසයේ සිට 2014 මාර්තු දක්වා මාස 08ක කාලයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් ඉන්පසුව විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් එහි කටයුතු නතර කර තිබුණු බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.
එවකට යුද ජයග්‍රහණයේ නාමයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මහ දූෂණයට ලක්කර ගජමිතුරු වාදය පෝෂණය කළ බවත් මැතිවරණ කටයුතු සඳහා මුදල්, වාහන මෙන්ම ආයතනයේ නිලධාරීන් 98ක් යොදාගෙන ඇති බවත් ඒ සඳහා විශාල මුදලක් වැය කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ගොඩගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 7500ක ණයක් අරගෙන එය රැක ගැනීමට මේවන විට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS