ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය එම ස්ථානයෙන් ඉවත් නොකරණ ලෙස හා එහි ගොඩනැගිලි කඩා ඉවත් නොකරණ ලෙස ඉල්ලමින් අද (21) පෙරවරුවේ ගාල්ල බ...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය එම ස්ථානයෙන් ඉවත් නොකරණ ලෙස හා එහි ගොඩනැගිලි කඩා ඉවත් නොකරණ ලෙස ඉල්ලමින් අද (21) පෙරවරුවේ ගාල්ල බස් නැවත්තුම් පොළ ඉදිරිපිටදි විරෝධතාවයක් පැවැත්විණි.
එකාබද්ධ විපක්ෂය නියෝජනය කරණ ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරුන් වන දොස්තර් රමේෂ් පතිරණ මොහාන් පිද සිල්වා, හිටපු ඇමති චන්දිම විරක්කොඩි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගිතා කුමාර සිංහ, දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකොරල ඇතුළු ඇතුළු මහාජන නියෝජිතයින් පිරිසක්ද මේ සදහා එක්ව සිටියහ. විරෝධතා කරුවන් ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගන පරිශ්‍ර යේ සිට සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පෙලපාලියකින් ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිටට පැමිණ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුහ.
පසුව විරෝධතා කරුවන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටින් අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටියහ. ක්‍රිකට් ක්‍රිඩාංගනයට අත් නොතබන ලෙස ඉල්ලමින් මොවුන් විරෝධතාවයේ නිරතව සිටි අතර විරෝධතා කරුවන් ඇමති දොස්තර් රමේෂ් පතිරණ මහතා මේසේ කිවේය.
සාගල රත්නායක ඇමතිවරයා කියන්නේ බොරු මෙම ක්‍රිඩාංගනය ඉවත්කරණ බවත් එහි සේවකයින්ට ඉවත්වන ලෙසත් දන්වා තියෙනවා. අපි රජයෙන් ඉලන්නේ මෙම ක්‍රිඩාංගනයට අත තියන්න එපා කියාලා රමේෂ් පතිරණ මන්ත්‍රිවරයා කිවේය. පසුව විරෝධතා කරුවන් සටන්පාඨ කියමින් පෙලපාලියකින් ගාල්ල නගරයේ සංචාරය කරමින් විරෝධතාවයේ නිරතවුහ.
(ලලිත් චාමින්ද)
COMMENTS