ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් පාලන සංසදයේ නියෝජිතයින් පිරිසක් අද (20) උදෑසන රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම ඉදිරිපිටදී විරෝධතාවයක නිරත...
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් පාලන සංසදයේ නියෝජිතයින් පිරිසක් අද (20) උදෑසන රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.
එම නියෝජිතයින් පිරිස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට පැමිණිය ද ඔහු එහි නොසිටීම හේතුවෙන් ඊට විරෝධය පළ කිරීමට මෙලෙස කටයුතු කර තිබේ.
මැතිවරණ කොමිසම ඉදිරිපිට පොලිස් මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කර තිබූ අතර ඉන් ඔබ්බට යාමට අවසර හිමි වුණේ එම නියෝජිතයන්ගෙන් 15 දෙනෙකුට පමණි.
ඉන්අනතුරුව ඔවුන් කොමිසම හමුවට ගොස් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස සංදේශයක් ද භාරදී ඇත.
එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ හෙට (1) දිනයේදී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ ඔවුන්ට සාකච්ඡාවක් ලබාදෙන බවයි.
COMMENTS