තමාට කිසිවිටක සිංහල විරෝධී දෙමළ ජාතිවාදියෙකු වීමට අවශ්‍ය්‍ය නොවන බවත් තම දරුවන් දෙදෙනාම විවාහ වී සිටින්නේ සිංහල ජාතිකයන් සමඟ බවත් උතුරු පළ...
තමාට කිසිවිටක සිංහල විරෝධී දෙමළ ජාතිවාදියෙකු වීමට අවශ්‍ය්‍ය නොවන බවත් තම දරුවන් දෙදෙනාම විවාහ වී සිටින්නේ සිංහල ජාතිකයන් සමඟ බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා යාපනයේදී පැවැත්වූ 'එලුග තමිල්' වැඩසටහන සම්බන්ධයෙන් බී.බී.සී.ය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳව කතා කරන විට එය ජාතිවාදයක් හැටියට ඇතැමුන් විග්‍රහ කරන නමුත් සිය ජීවිත කාලය තුළ තමා කිසිම දිනක ජාතිවාදියකු නොවූ බවයි.
'එලුග තමිල්' වැඩසටහන ඉතාම සාමකාමී පාගමනක් වූ බවත්, එම අවස්ථාවේ තමා පැවැත්වූ කතාවේදී මුලින්ම සඳහන් කළේ එය 'සිංහල විරෝධී, බෞද්ධ විරෝධී හෝ ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක් නොවන' බවත් ඔහු පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේ ශ්‍රී ලංකාවේ අර්බුදය නිමා කරමින් ඒකාබද්ධ රටක් පවත්වා ගැනීමට හොඳම විසඳුම ෆෙඩරල් ක්‍රමය බවයි.
COMMENTS