දරුවන් දැමීමේ දොස්තර වැඩිම මනාපය සිරිමාවෝ හා මහානාමෙට පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලක රාත්‍රියක් ගතකරමින් සහ පසුදින සේවාවෙන් ඉ...
දරුවන් දැමීමේ
දොස්තර වැඩිම මනාපය
සිරිමාවෝ හා මහානාමෙට
පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලක රාත්‍රියක් ගතකරමින් සහ පසුදින සේවාවෙන් ඉවත්වෙමින් කෙසේ හෝ තමන්ගේ දරුවන්ට හොඳ පාසල් ලබා දෙන ලෙස උද්ඝෝෂණයක නිරතවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ එම ඉල්ලීම පිළිබඳ වැඩි දුර තොරතුර මේ වනවිට‘දුෂණ විරෝධී පෙරමුණ‘ මගින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
එම ලේඛණවලට අනුව
ඇතැම් වෛද්‍යවරු හෝමාගමින් මහරගමට මාරුවීම් ලැබුණු විට මෙන්ම ළමා රෝහලෙන් ජාතික රෝහලට මාරුවීම් ලැබුණු අවස්ථාවල දීත් කොළඹ ප්‍රධාන පාසැල්වලට දරුවන් ඇතුළත් කිරීමට ඉල්ලීම් කර ඇත. එසේම ඇතැමුන් වැලිමඩ සිට වතුපිටිවල රෝහලට මාරු කළ විටද කොළඹ ජනප්‍රිය පාසැල් ඉල්ලා ඇත.
ඒ අනුව ඔවුන්ගේ නිතර මාරුවීම් ලබන අවාසිය නිසා ස්ථිර ලිපින නැතිකමින් පාසල් නොලැබෙන්නේය යන තර්කය සාධාරණ එකක් නොවන බව දූෂණ විරෝධී පෙරමුණේ මතයයි.
ඔවුන් වැඩි වශයෙන්ම ඉල්ලා ඇති පාසල් පහත පරිදිය.(5 කට වඩා වැඩි)
මහානාම ළමුන් 11
මලියදේව ගැහැණු 10
මලියදේව පිරිමි 09
ඩී එස් ළමුන් 09
නාලන්ද ළමුන් 08
විශාඛා 08
රෝයල් ළමුන් 07
තර්ස්ටන් ළමුන් 07
ආනන්ද ළමුන් 07
මහාමායා 07
අනුලා ළමුන් 06
උසස් බාලිකා මහනුවර 06
පාසල් ඉල්ලා ඇති ආකාරය සම්බන්ධයෙන් වන ලේඛණ පහතින් කියවිය හැකියි.
COMMENTS