රටේ ජාතික ප්‍රශ්ණ වලදී තොරතුරු සොයා රටට හෙළිකල තමන්වහන්සේ කාලයක් පටන් රජයෙන් ආරක්ෂාව ඉල්ලා සිටින නමුත් මෙතෙක් එය ඉටු නොවීම කණගාටුවට කරුණක් ...
පසුගියදා රටම කම්පා කල පාස්කු බෝම්බ සිදුවීමට වසර එකහ මාරකටත් පෙර එම අවදානම ගැන රජය දැණුවත් කල බවත් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් වෙණුවෙන් ක්‍රියා කරමින් වයස අවුරුදු 16න් පැවිදිවී කසාවතට ජීවිතය කැපකල යතිවරයෙක් බවත් උන්වහන්සේ පැවසීය.
තෙවන වරට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග වදින බවත් බලයට ධනයට වරප්‍රසාද වලට ගිජු කමින් නොව රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් උදෙසා ඇති ජාතික කැක්කුම නිසා මෙලෙස ඉදිරිපත් වන බවත් උන්වහන්සේ පැවසීය.
කිසිම පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු විවේචනය කිරීම තමාගේ ප්‍රතිපත්තිය නොවන බැවින් සිදුවන අසාධාරන මයිත්‍රියෙන් ඉවසමින් සිටිනවා.ලංකා ඉතිහාසයේ දිගම චංද පත්‍රිකාව අතට ගන්නා චංද දායකයාට පත්‍රිකාව කියවීමට කාලයක් නැහැ. සමහර අපේක්ෂකයන් තවත් අයෙකුගේ අපේක්ෂාව ඉටු කිරීමට ජනාධිපති වරණයට ඉදිරිපත් වීම නිසා රටේ ජාතික ධනය කෝටි දෙකකට අධිකව නිකරුණේ නාස්ති වී යන බවත් උන්වහන්සේ පැවසීය.
මේදිනවල තමන් වහන්සේ දැඩි ලෙස රෝගාතුරව සිටින බැවින් තමන්ගේ නියෝජිතයෙකු ලෙස ජනාධිපති අපේක්ෂක වරයෙකුව සිට පසුව ඉන් ඉවත්වූ නීතීඥ්ඥ
නාගානන්ද කොඩිතුවක්කු මහතා පත්කර ඇති බවත් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් ජනසෙත පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් අතර සමානත්වයක් ඇති බැවින් දෙපාර්ශවය අතර අවබෝධතා
ගිවිසුමක් පසුගියදා අත්සන් තැබූ බවත් සීලරතන හිමිපාණෝ වැඩි දුරටත් පැවසීය.
තමන් පසුගියදා ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කාර්‍යලයටද තම ආරක්ෂාව ඉල්ලූ ලිපි සම්බංධ සතුටු දායක පිලුතුරක් නොලද බව දැණුම් දුන් බවත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය තොරතුරු රටට හෙලිකරන ලෙස ඉල්ලූ ලිපියක්ද ජිනීවා කොමිෂමට බාර දුන් බවද උන්වහන්සේ පැවසීය.
අපේ රටේ පාලකයන් මෙතෙක් සිදු කලේ විනාශයකින් පසු පිලියම් යෙදීම මිස විනාශයට පෙර ක්‍රියාත්මක වීම නොවන බැවින් තව දුරටත් අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසන පාලකයන් ඉහල පුටුවේ තබා වැදුම් පිදුම් කිරීමට තරම් රටේ ජනතාව මෝඩයන් නොවන බවත් ඉතාම තීරණාත්මක අවස්ථාවක දහස් වරක් සිතා ඔබේ වටිනා චංදය පාවි ච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සීලරතන හිමිපාණෝ පැවසීය.
කැලණිය කුසුම් එස් හැන්නදි
COMMENTS