දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
cigarette tax
Homeප්‍රවෘත්ති

cigarette tax

PropellerAds

සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මුල්‍ය රෙගුලාසි පිලිබදව කිසිදු විදිමත් ක්‍රමෝපායක් අනුගමනය නොකරන මං...

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අදින් ඇරඹේ
අලුත් පක්ෂයක් පිහිටූ හේතුව විග්නේශ්වරන් කියයි
SLFPයෙන් ආපු අයට ඇමතිකම් ලබා දීමේ යෝජනාවක්
සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මුල්‍ය රෙගුලාසි පිලිබදව කිසිදු විදිමත් ක්‍රමෝපායක් අනුගමනය නොකරන මංගල සමරවීර අමාත්‍යවරයා තමන් මුදල් අමත්යදුරය දරන අවසාන කාලයේදී අතයට විශාල මුදල් ප්‍රමාණයක් බහුජාතික සමාගම් වලින් අහුලා ගැනීමට ක්‍රියාකර තිබෙ.

මිට මාස තුනකට පෙර රජයේ ඇති විශේෂ ගැසට් පත්‍රයක් මගින් සිගරට්ටුවක දිග මිමි 67 හා 72 කාණ්ඩය සදහා වන නිෂ්පාදන බද්ද සිගරට් 1000ක් සදහා 37,600/= ක් දක්වා ඉහල නංවන ලදී. අදාල ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය මුදල් අමාත්‍යංශයෙන් නිවැරදි පරිදි යොමු කලද මුද්‍රනධ්ද්වාරය වෙත යොමු කිරීම පමා කිරීමට කළහැකි සියලු දේ කරන ලදී . සෝදුපත් බැලීමට යයි කියමින් අදාල ගැසට් පත්‍රය මුදල් අමාත්‍යංශයේ නිලදාරීන් ගෙන්වාගත් බවට සාක්ෂි ඕනෑවටත් වඩා අප සතුව ඇත . ඒ අනුව බ්‍රිස්ටල් වර්ගයේ සිගරට්ටුවක් අසාමාන්‍ය ලෙස ඉහල ගිය අතර එය ගෝල්ඩ් ලිෆ් වර්ගයේ සිගරටුවක විකුණුම් මිලට ආසන්නයට පැමිණෙන ලදී .

එම ගැසට් නිවේදනය හේතුවන් සිගරට් වෙළදපල උඩු යටිකුරු වූ අතර බහුජාතික සමාගම සමස්ත සිගරට් නිෂ්පාදනය තාවකාලිකව නවතාලීමට කටයුතු කල අතර වෙළදපලේ සිගරට් සගවිමටත් වැඩි මිලට සිගරට් අලෙවි කිරීමටත් පටන් ගන්නා ලදී . පසුව බ්‍රිස්ටල් හැර අනෙකුත් සියලුම සිගරට් වර්ග නිෂ්පාදනය කිරීම දින කිහිපයකින් ආරම්භ කල අතර වෙලදපලෙන් සම්පුර්ණයෙන් බ්‍රිස්ටල් වර්ගයේ සිගරට් හෙවත් දිග මිමි 67 හා 72 කාණ්ඩයේ සිගරට් වෙලදපලෙන් ඉවත්ව යන ලදී .

සමාගම අධික අලාභ තත්වයට පත්වූ අතර වෙළදපල කඩාවැටීම වලක්වා ගැනීම සදහා සීමිත අනුවාදයක් (limited version) හදුන්වා දෙන ලදී එයින් පලයක්ද නොවූ බැවින් මුදල් අමාත්‍යංශයේ නිලදාරීන් සමග රහසිගත සාකච්චා අරබන ලදී . මුදල් ඇමතිවරයාගේ දුෂිත අරමුණ වෙනුවෙන් පැහැදිලිව රජයේ මුදල් රෙගුලාසි යොදාගත් අතර රටේ මිනිසුන්ගේ සිගරට් භාවිතය ගැන හෝ දරුවන් සිගරට් භාවිතයට යොමුවීම වැළැක්වීමට ඔහුට කිසිදු උවමනාවක් නොවිණි .

බොරදියේ මාළු බෑමට උපන්හපන්කමක් ඇති මංගල දුම්කොළ සමාගමේ වෙළදපල ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ඇති කිරීමට හා සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් නිෂ්පාදන බදු විශේෂ විදිවිදාන පනත තමන්ට අවශ්‍ය පරිදි නවා දිගහැර පාඩම් කරන ලදී .

ඒ අනුව ලංකා දුම්කොළ සමාගමේ අහිමිවී ගිය වෙළදපල නැවත සැකසීම වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් 14 දින ඇති විශේෂ ගැසට් පත්‍රයක් මගින් දිග මිමි 67 හා 72 කාණ්ඩයේ සිගරට් කාණ්ඩයේ සිගරට් 1000 ක් සදහා වූ නිෂ්පාදන බද්ද රු 37,600/= සිට රුපියල් 33,000/= දක්වා අඩුකරන ලදී . මෙය පැහැදිලිව රජයේ බදු ප්‍රතිපත්තිය සාවද්‍ය ලෙස පරිහරණය කිරීමකි .

මෙම නිෂ්පාදන බද්ද අඩු කිරීම මගින් රජයට පැහැදිලිව රුපියල් බිලියන 1.47යි ක් අහිමිවන අතර අත්‍යවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ඉහල යමින් දිනෙන් දින පිඩාවට පත්ව සිටින ජනයාට කල කෙනෙහිලිකමකි .

ලබන දින කිහිපයේදී නැවත සිගරට් වෙලදපල සාමාන්‍ය තත්වයට පත්වන අතර මෙවර ඉදිරිපත්කල සංශෝධිත ගැසට් පත්‍රය නම් අඩුපාඩුවකින් තොරව රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුවේ මුද්‍රනධ්ද්වාරයෙන් එලියට පැමිණ ඇත . අදාල ගැසට් නිවේදනයෙන් රටේ ජනතාවට සිදුවූ බදු අහිමිවීම කෙසේ වෙතත් බදු අඩුකිරීම වෙනුවෙන් මංගල දුම්කොළ සමාගමෙන් ලබාගත් සන්තෝසම් මුදල් ජනාදිපති අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඇත දිගහැර වියදම් කරනු ඇත .

මේ පිලිබදව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිලිබදව සිංහලේ සංවිදානය මේ දිනවල අද්‍යනය කරමින් ඇත .

ප්‍රදීප් සංජිව
ජාතික සංවිදායක
සිංහලේ සංවිදානය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: cigarette tax
cigarette tax
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoTMvLf4V-zloK-kd3jQtgBL09hSLZ9t_X1JshdggddKoOkpYjcwFomkfUpnhiFbZzNaJA-Xcl1dxtcYDLAtOhxSWYYZTR8XGzODIwIEUBr0_tBybe-MnpmN-o1wNfQupt3XBDGuOHJU95/s320/sajith-mangala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoTMvLf4V-zloK-kd3jQtgBL09hSLZ9t_X1JshdggddKoOkpYjcwFomkfUpnhiFbZzNaJA-Xcl1dxtcYDLAtOhxSWYYZTR8XGzODIwIEUBr0_tBybe-MnpmN-o1wNfQupt3XBDGuOHJU95/s72-c/sajith-mangala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/cigarette-tax.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/cigarette-tax.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy