යුද සමයෙන් පසු පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇද්දැයි සෙවීම සදහා උතුරේ දිස්ත්‍රික්ක 05 සදහාම පත්කර ඇති විශේෂ වෛද්...
යුද සමයෙන් පසු පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇද්දැයි සෙවීම සදහා උතුරේ දිස්ත්‍රික්ක 05 සදහාම පත්කර ඇති විශේෂ වෛද්‍ය කමිටුව විසින් සිදුකළ මූලික අදියරේ වෛද්‍ය පරීක්‍ෂණය සදහා හිටපු කොටි සාමාජිකයින් 26 දෙනෙකු සහභාගී වී ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
මෙම හිටපු කොටි සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණයට ලක් කිරීමේ දෙවැනි අදියරේ කටයුතු අද (09) යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, හා වව්නියාව රෝහල් වලදී සිදු කෙරිණ.
ඒ අනුව යාපනය දිස්ත‍්‍රික්කයෙන් පුද්ගලයින් 09 දෙනෙක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් 07 දෙනෙක්, මුලතිව් දිස්ත‍්‍රික්කයෙන් 07 දෙනෙක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙක් මේ සඳහා සහභාගී වී තිබේ.
මන්නාරම දිස්ත්‍රික්කයේ කිසිදු හිටපු කොටි සාමාජිකයෙකු වෛද්‍ය පරීක්‍ෂණය සදහා සහභාගී වී නොමැත.
COMMENTS