වසර 50ක පමණ කාලයක් ඉදිරිපත් වූ ඉල්ලීම් සැළකිල්ලට ගෙන ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තයේ ගබ්සාව නීතිගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්...
වසර 50ක පමණ කාලයක් ඉදිරිපත් වූ ඉල්ලීම් සැළකිල්ලට ගෙන ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තයේ ගබ්සාව නීතිගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අනුව සති 22න් පසු කළල ගබ්සා කිරීමට නීතිමය අවසරය හිමිවී ඇත.
කෙසේ වෙතත් ඒ සඳහා වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතිය අවශ්‍යව පවතී.
අදාළ පනත සම්බන්ධව පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50 දෙනෙකු ද විපක්ෂව 41 දෙනෙකු ද ඡන්දය භාවිතා කර තිබූ බව සඳහන් වෙයි.
ඊට විපක්ෂව ඡන්දය භාවිතා කළ 41 දෙනා අතුරින් 6 දෙනෙකු හැරුණු විට ඉතිරි සියලුම දෙනා පුරුෂයින් වීම විශේෂත්වයකි.
අදාළ පනතට පක්ෂව ඡන්දය භාවිතා කළ බහුතරය කාන්තාවන් බව විදෙස් වාර්තාවල දැක්වෙයි.
COMMENTS