සිංහල මිනිසුන් ජාතිවාදීන් නොවන බවත් ජාතිවාදී අදහස් ඇතිව කටයුතු කරන්නේ ඉතා ස්වල්ප පිරිසක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ ...
සිංහල මිනිසුන් ජාතිවාදීන් නොවන බවත් ජාතිවාදී අදහස් ඇතිව කටයුතු කරන්නේ ඉතා ස්වල්ප පිරිසක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) හැටන් නගරයේ පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වෙමිනි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ," මට රට ගියාම මිනිස්සු කියනවා සිංහලයෝ ජාතිවාදී කියලා. මම කියනවා සිංහල මිනිස්සු ජාතිවාදී නෙමෙයි, ස්වල්ප දෙනෙක් ජාතිවාදී කියලා. අපි ජාතිවාදීන් නෙවෙයි. නැත්තම් කොහොමද අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ බහුතරයක් ද්‍රවිඩ මන්ත්‍රීවරු ඉන්නේ. ශ්‍රී ලාංකික අනන්‍යතාව පෙන්වන හොඳම දිස්ත්‍රික්කය තමයි නුවරඑළිය " යනුවෙනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සියළුම ජාතීන් සමගියෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ ආදර්ශමත්ම දිස්ත්‍රික්කය නුවරඑළිය දිස්ත්‍රික්කය බවත් එහි සංවර්ධනය සඳහා ඉදිරියේදී සංවර්ධන කටයුතු ගණනාවක් සිදුකිරීමට නියමිත බවත්ය.
මෙම අවස්ථාවට අමාත්‍ය පලනි දිගම්බරම් මහතා, මන්ත්‍රීවරුන් වන වී. රාධා ක්‍රිෂ්ණන් මහතා, කේ. කේ. පියදාස මහතා, මයිල්වාගනම් මහතා, තිලකරාජ් මහතා සහාවඩිවෙල් සුරේෂ් මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් රැසක් සහභාගී විය.
වීඩියෝව පහතින්.
COMMENTS