වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ආණ්ඩුවේ වියදම ද ඉහළ ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසාන...
වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ආණ්ඩුවේ වියදම ද ඉහළ ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ දිසානායක මහතා, "අපේ රටේ 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉන්න පුළුවන් ඇමතිවරු 30යි. අද මොකද වෙන්නේ දෙගොල්ලෝ එකතු වෙලා. මේකට සංශෝධනයක් දැම්මා. දෙක එකතු වෙලා ආණ්ඩුව හැදුවොත් ඇමතිවරු ඕන ගානක් කියලා. දෙක එකතු වුනාම විෂයන් වැඩි වෙනවද, රට ලොකු වෙනවද නෑ බෙදාගන්න"යි කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS