දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිරිමියා ගැහැනිය බවට පත් කරන්න ජනාධිපති උත්සාහයක.. 20ට ඔහු හැර බහුතරය විරුද්දයි - මනෝ ගනේෂන්
Homeප්‍රවෘත්ති

පිරිමියා ගැහැනිය බවට පත් කරන්න ජනාධිපති උත්සාහයක.. 20ට ඔහු හැර බහුතරය විරුද්දයි - මනෝ ගනේෂන්

PropellerAds

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හකුළා ගෙන රටට හිතකර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම වත්මන් ආණ්ඩුවේ නුවණට හුරු බව දෙමළ ප...

උසස් පෙළ ලියන හිටපු ඇමැති මුණුබුරා ෂොට් ගන් එකක් සහ බඳින තුවක්කු 2ක් සමග මාට්ටු!
පොහොට්ටු පක්ෂයට කියන්නේ අවුලවා ගන්න එපා අපිව! 13ට එරෙහිව වහාම නැගිටින්න! හොඳයි බලමුකෝ ක්‍රියාත්මක කරලා! ඇල්ලේ ගුණවංශ හිමි කරළියට එයි! (VIDEO)
මට ෆේස්බුක් එකේ කුණුහරුපෙන් බනින්නේ අම්ම අප්ප නැති උන් - වජිර අබේවර්ධන
20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හකුළා ගෙන රටට හිතකර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම වත්මන් ආණ්ඩුවේ නුවණට හුරු බව දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා පවසයි.

මන්තී‍්‍රවරයා පෙන්වා දෙන්නේ ගෝලීයකරණට ගැලපෙන, රටේ ස්වාධිනත්වය සුරැකෙන, සදාචාරත්මක ,රට දියුණුව කරා රැගෙන යන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වැඩපිළිවෙලට රටේ සියලූම පාර්ශවයන්ගේ දායකත්වය සහිත ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය වන අතර එවැනි නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ පුර්ණ සහයෝගය ආණ්ඩුවට ලබාදීමට සුදානම් බවයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත නොකළ යුතු බවට ශී‍්‍ර ලංකා අමරපුර රාමඤ්ඤ සමාගි‍්‍ර මහා සංඝ සභාව විසින් පසුගියදා නිකුත් කෙරුණු නිවේදනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඔහු මේ බව සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මන්තී‍්‍රවරයා මෙසේද පැවසීය

ජනාධිපතිවරයා විසින් සකස් කළ බව කියන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඔහු හැර මේවනවිට මුලූ රටේ බහුතරයක් අකමැතියි. අමරපුර රාමඤ්ඤ නාහිමිවරුන් පවා එකාබද්ධව 20 වන සංශෝධනයට තමන්ගේ විරෝධය ප‍්‍රකාශ කර තිබෙනවා. එය ඉතාමත් අගය කළ යුතුයි.

මගේ මතය හා ස්ථාවරය වන්නේ ආණ්ඩුව මෙම සංශෝධනය වහා අකුළා ගත යුතු බවයි. ඉන් පසුව ආණ්ඩුව කළ යුතුව ඇත්තේ සියලූම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම සදහා වන ජාතික වේදිකාවක් වැඩපිළිවෙලක් සකස් කිරීමයි.

20 වන සංශෝධනයේ සදහන් කිසිම කරුණක් මේ රටට යහපතක් සිදු නොකරන අතර එම සංශෝධයෙන් මේ අවස්ථාවේ මේ රටේ තිබෙන බරපතල කිසිදු ගැටලූවකට විසදුමක් ලැබෙන්නේ නැහැ. එම සංශෝධනය ගෙනෙන්නේ හුදු පෞද්ගලික ලාබ වාසි අපෙක්ෂාවෙන් මිසක රට ගැන හිතල නොවෙයි.

20 වන සංශෝධනය සම්මත කළ පමණින් මේ රටේ ජීවන වියදම අඩු වෙනවාද? ආර්ථිනුකය සංවර්ධනය වෙනවාද? රටේ විරැකියා ගැටලූවට විසදුමක් ලැබෙනවාද ? නැහැ.
78 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කළ එවක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා පැවසුවේ තමන්ට තිබෙන බලතල අනුව කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියෙක් බවට පත් කිරීම හා පිරිමියෙක් ගැහැනියෙක් බවට පත් කිරීමටත් පමණක් බවයි. නමුත් මම නම් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැහනියක් පිරිමියෙකු කරන්නත් පිරිමියෙක් ගැහැනියෙකු කරන්නත් තරම් බලතල තිබෙනවා. එවැනි බලයක් තිබියදි ඇයි ජනාධිපතිවරයා තවත් බලය වැඩි කර ගැනීමට සුදානම් වන්නේ?

ඇත්තෙන්ම 20 වන සංශෝධනය කියන්නේ සම්පුර්ණ විකාරයක්. එහි අඩංගු කිසිම කරුණක් රටේ උන්නතියට සහයෝගයක් දක්වන්නේ නැහැ.

එහි සදහන් වුණු එක් කරුණක් වුණේ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක්විමට ඇති බාධාව ඉවත් කිරීමයි. මම 20 වන සංශෝධනයේ සඳහන් ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධ වන්නේ ඇයිදැයි මම මාධ්‍යවේදියෙක් මගෙන් ප‍්‍රශ්න කළා. එයට පිළිතුරු දෙමින් මම පැවසුවේ මම එම වගන්තියට විරුද්ධ වන්නේ නැහැ. මන්ද දැනටමත් ද්විත්ව පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා පිටත සිට මුලූ රටේම ආර්ථිකය මෙහෙයවනු ලබනවා. ඉතින් රටට එය ගැටලූවක් වන්නේ නැත්නම් මටත් ගැටලූවක් නැහැ කියල මම පැවසුවා. ද්විත්ව පුරවැසිභාවය අහෝසි කළොත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණේවි. එවිට අපට ඔහුගෙන් සෘජුවම ප‍්‍රශ්න කරන්න පුලූවන්. නමුත් මම ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක්වීමට අවස්ථාව ලැබෙනවා නම් ජනාධිපති අපෙක්ෂකයෙක්වීමට අවස්ථාවක් ලැබෙනවා නම් එයට මම විරුද්ධයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකිව තිබෙන මේ අවස්ථාවේ විපක්ෂයෙන් මන්තී‍්‍රවරු ආණ්ඩුවට ගැනීමේ සුදානමක් තිබෙනවා. එය ප‍්‍රසිද්ධ රහසක්. නමුත් මම හිතන්නේ නැහැ විපක්ෂයේ කවුරුත් ආණ්ඩුවට එක් වේවි කියල.

ආණ්ඩුව පත්වී වසරක් ගත වුණා. ආණ්ඩුව රටේ සෑබෑ ප‍්‍රශ්න යටපත් කිරීමට වෙනත් විවිධ ගැටලූ නිර්මාණය කරමින් ජනතාවගේ මනස වෙනත් පැතිවල යොමු කිරීමට සුදානම් වෙනවා. මෙවැනි ආකාරයේ වගකීම් විරහිතව ආණ්ඩුව කටයුතු නොකළ යුතුයි. කිසිම වැදගම්මක් නැති කාරණා වෙනුවෙන් රටේ සියලූම දෙනාගේ කාලය වැය කිිරීම ජාතික අපරාධයක්. ඊට වඩා රටේ පැතිර යන කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට හා රටේ තිරසාර සංවර්ධනය සඳහා අවංකව ඵලදායිව දායක විය හැකි නීතී රීතී වැඩපිළිවෙල සකස් කිරීම පිළිබද ආණ්ඩුව් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එවැනි කාරණා වෙනුවෙන් විපක්ෂයේ අපගෙත් සහාය නිසැකවම ආණ්ඩුවටට ලබා දෙනවා. ඒ හැර 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත වැනි විකාරයකට අපේ කිසිදු සහයෝගයක් ලැබෙන්නේ නැහැ.

මනෝ ගනේෂන්
මාධ්‍ය අංශය 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිරිමියා ගැහැනිය බවට පත් කරන්න ජනාධිපති උත්සාහයක.. 20ට ඔහු හැර බහුතරය විරුද්දයි - මනෝ ගනේෂන්
පිරිමියා ගැහැනිය බවට පත් කරන්න ජනාධිපති උත්සාහයක.. 20ට ඔහු හැර බහුතරය විරුද්දයි - මනෝ ගනේෂන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1ZY8KfzUVG_hhJ5tpiywnmKgTYxC59t7AzYE8_4tOJnCz1-Ysi9i1K8N1uOZ6-GMgoJgZ_TZhAfqGdjFEcKmXJMzQkkUMu1xY1vn5EhWZAlok8IWO1sYEb0ocIzj10WOprDAWecv8Jpo/s320/Mano+Ganesan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1ZY8KfzUVG_hhJ5tpiywnmKgTYxC59t7AzYE8_4tOJnCz1-Ysi9i1K8N1uOZ6-GMgoJgZ_TZhAfqGdjFEcKmXJMzQkkUMu1xY1vn5EhWZAlok8IWO1sYEb0ocIzj10WOprDAWecv8Jpo/s72-c/Mano+Ganesan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/20_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/20_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy