දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
20ට අපේ මන්ත්‍රීවරු විරුද්ධ නෑ, මට 20 ගැන පුද්ගලික අදහසකුත් නෑ - විමල්ගේ අලුත්ම කතාව
Homeප්‍රවෘත්ති

20ට අපේ මන්ත්‍රීවරු විරුද්ධ නෑ, මට 20 ගැන පුද්ගලික අදහසකුත් නෑ - විමල්ගේ අලුත්ම කතාව

PropellerAds

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමස්තයක් ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අකමැත්තක් නොමැති බවත් තමන්ට එම සංශෝධනය සම්බන්ධයෙන් පුද්ගල...

ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් රෝගියා කරගත් දේ
ස්පුට්නික් දෙවැනි මාත්‍රාව : එන්නත් ලැබීම නොලැබීම අපේ පාලනයෙන් තොරයි. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි - සෞ. මා.
ඇඳිරිනීතිය කඩන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග නොගත්තත් වෛරසයෙන් දඬුවම් ලැබෙයි - දේශබන්දු තෙන්නකෝන්
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමස්තයක් ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අකමැත්තක් නොමැති බවත් තමන්ට එම සංශෝධනය සම්බන්ධයෙන් පුද්ගලික මතයක් හෝ නොමැති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

"මන්ත්‍රීවරු අකමැති නෑ. 20 වෙනි සංශෝධනය කියන සමස්තයට නෙවෙයි යම්කිසි මන්ත්‍රීවරයෙක් හෝ කීපදෙනෙක්ගේ විරුද්ධත්වයක් තියෙනවා නම් තියෙන්නෙ ඒකෙ අන්තර්ගත සමහර කාරණා දෙක තුනකට තමයි. 

එහෙම නැතුව සමස්තයක් හැටියට රටේ ජනතාවගේ වරමින් ජනාධිපති ධුරයට පත්වෙච්ච ජනාධිපතිතුමාට මේ රටේ පොදු ජනතාව අදහස් කරන ආකාරයට මේ රට දියුණු කරන්න ඒ කාර්යක්ෂමව කටයුතු ඉදිරියට ගෙනියන්න බලය තිබිය යුතුයි කියන කාරණය ගැන කිසිම කෙනෙක්ගේ විවාදයක් නෑ. ඒකට හැමෝම එකඟයි. 

නමුත් ඒ සංශෝධනය ඇතුළෙ සිදුවෙන සමහර වෙනස්කම් පිළිබඳව තමයි ඇතැම් විට විවිධ අදහස් පළවෙලා තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව ඉදිරිපත් කර තිබුණු විරෝධතාවල වත්මන් තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් ඊයේ (14) විමසූ අවස්ථාවේදීය. 

එහිදී 20 වන සංශෝධනය ගැන ඒ මහතාගේ පුද්ගලික අදහස කුමක්දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඒ මහතා සැණින් පැවසුවේ "පුද්ගලික අදහස් නෑනෙ. සාමුහික අදහස් තියෙන්නෙ" යනුවෙනි. 

පසුගිය ඔක්තෝබර් 09 වෙනිදා දක්වාම විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුව තුළ 20 වැනි සංශෝධනයෙහි ඇතැම් වගන්ති වෙනස් වියයුතු බව පවසමින් යම් අරගලයක් ගෙනගිය අතර 09 වෙනිදා පැවති විශේෂ රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් අමතා සිය දැඩි මතය තරයේ අවධාරණය කළ පසුව ඔවුන් පැහැදිලි වෙනසකට බඳුන් වී ඇති බව පෙනේ. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 20ට අපේ මන්ත්‍රීවරු විරුද්ධ නෑ, මට 20 ගැන පුද්ගලික අදහසකුත් නෑ - විමල්ගේ අලුත්ම කතාව
20ට අපේ මන්ත්‍රීවරු විරුද්ධ නෑ, මට 20 ගැන පුද්ගලික අදහසකුත් නෑ - විමල්ගේ අලුත්ම කතාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhb5MCBKIQrMXrwI4H3XI82rRYpBS_wURFOGZGcLrxlhZwP6pBJoEMBrwY3XrhTnzuFGhso2aaFbiFXT2l5ZN1mKojXCzsYtyVm0hXK6CQK7gb6bluxb0xybiMYmUNaLdpbg4th0LzVv-A/s320/image_a5de8ca3e7.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhb5MCBKIQrMXrwI4H3XI82rRYpBS_wURFOGZGcLrxlhZwP6pBJoEMBrwY3XrhTnzuFGhso2aaFbiFXT2l5ZN1mKojXCzsYtyVm0hXK6CQK7gb6bluxb0xybiMYmUNaLdpbg4th0LzVv-A/s72-c/image_a5de8ca3e7.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/20-20_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/20-20_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy