මේ ආණ්ඩුව විසින් හොරු අල්ලන්නේ නැති බවට ජනමාධ්‍යට ප්‍රකාශයක් කළ කෙනා ඊළඟට අල්ලන බවත් පසුගිය රජය සමයේ වැඩියෙන්ම මංකොල්ලා කා ඇත්තේ ඔහු විසින...
මේ ආණ්ඩුව විසින් හොරු අල්ලන්නේ නැති බවට ජනමාධ්‍යට ප්‍රකාශයක් කළ කෙනා ඊළඟට අල්ලන බවත් පසුගිය රජය සමයේ වැඩියෙන්ම මංකොල්ලා කා ඇත්තේ ඔහු විසින් බවත් සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ වත්තල, බලගල ප්‍රදේශයේ එජාප කාන්තා බලමණ්ඩලය බලමුළු ගැන්වීම සම්බන්ධයෙන් පැවති රැස්වීමකට එක්වෙමිනි.
හොරුන් අල්ලන්නට බැරි ආණ්ඩුවක් රටක් කරන්නේ කොහොමදැයි ඒ අය ප්‍රශ්න කරමින් යන නමුත් ක්‍රමානුකූලව, නීත්‍යනුකූලව පසුගිය කාලයේ ජනතා දේපළ සොරාකාපු උදවියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව හෙතෙම සඳහන් කළේය.
එක එක අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට නඩු පවරන බවත් දැන් එළියේ සිටින බොහෝ දෙනෙකු පවා ඇප පිට නිදහස්වූ එවැනි අය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
බඩ තියෙන, කට තියෙන තවත් එක එක විදිහේ බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් එකවර අත්අඩංගුවට ගැනීම වැරදි බැවින් ක්‍රමානුකූලව පරීක්ෂණ මෙහෙයවා අත්අඩංගුවට ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න.
COMMENTS