නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කරනු ලැබ ඇත. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත...
නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කරනු ලැබ ඇත.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අනිද්දා (29) පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතය.
වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා 28 වැනි දා විශ්‍රාම යෑමට නියමිතය.
2001 වසරේ සිට 2008 වසර දක්වා දී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය. අනතුරුව කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ ධුරයට පත්වූ ජාසිංහ මහතා 2012 වසරේ දී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස පත් විය.
COMMENTS