ඒකාබද්ධ විපක්ෂය විසින් ක්‍රියාත්මක කළ ජනසටන පාදයාත්‍රාව තමාට අනුව නම් අති අසාර්ථක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්...
ඒකාබද්ධ විපක්ෂය විසින් ක්‍රියාත්මක කළ ජනසටන පාදයාත්‍රාව තමාට අනුව නම් අති අසාර්ථක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
ඇය මේ බව පැවසූයේ ඊයේ (01)වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවකට එක්වෙමිනි.
මෙම පිරිස් කොළඹ-නුවර පාරේ බණ්ඩාරනායක සමාධිය අසළින් එන විට බණ්ඩාරනායක සමාධියට ගල් නොගැසුවේ ඒ සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාට පැමිණිලි කළ නිසා බව ඇය සඳහන් කළාය.
2010 වසරේදී පැවති මෙවන් විරෝධතා ව්‍යාපාරයකදීද සරණ ගුණවර්ධනගේ හා මහින්ද රාජක්ෂගේ මැරයින් විසින් එලෙස ගල් ප්‍රහාරයක් එල්ල කළ බවත් ඒ සම්බන්ධයෙන් තමා පසුව මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතව දන්වා ඇතත් ඊට පිළිතුරක් තාමත් නොලැබුණු බවත් ඇය කියා සිටියාය.
ඒ අනුව මේ පාදයාත්‍රා අවස්ථාවේදීත් ඒ ආකාරයටම ක්‍රියා කරන බවට තමාට තොරතුරු ලැබී තිබුණු බවත්, ඒ නිසාම පොලිස්පතිවරයාට දන්වා කල් තියාම ආරක්ෂාව සලසා ගත් බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
COMMENTS