දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහල් ආනයනයෙන් රජයට කෝටි 1515ක පාඩුවක්! විමර්ශන වාර්තාවෙන් හෙළිවෙයි
Homeප්‍රවෘත්ති

සහල් ආනයනයෙන් රජයට කෝටි 1515ක පාඩුවක්! විමර්ශන වාර්තාවෙන් හෙළිවෙයි

PropellerAds

පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූල නොවන ලෙස සහල් ආනයනය කිරීම නිසා රජයට සහ ලංකා සතොස ආයතනයට රුපියල් කෝටි 1515ක අලාභයක් සිදුවී ඇතැයි විගණකාධිපති දෙ...

CID කැදවූවත් හරීන් නවලෝක රෝහලේ.. රුධිර පීඩනය හා නාඩි වේගය ඉහලටම
තැන තැන කොරෝනා පොකුරු.. කොලඹ නගරය නවදිල්ලිය මෙන් වනු ඇතැයි පුරෝකතන කෙරේ !
ලෝකයටම දැඩි බලපෑම්..කොවිඩ් වෛරසය වාතය මඟින් සීග්‍රයෙන් පැතිරෙන හැටි මෙන්න.
සහල් ආනයනයෙන් රජයට කෝටි 1515ක පාඩුවක්! විමර්ශන වාර්තාවෙන් හෙළිවෙයි

පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූල නොවන ලෙස සහල් ආනයනය කිරීම නිසා රජයට සහ ලංකා සතොස ආයතනයට රුපියල් කෝටි 1515ක අලාභයක් සිදුවී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ. 

ලංකා සතොස ආයතනය 2014 සහ 2015 වර්ෂවලදී ආනයනික සහල් සඳහා රුපියල් කෝටි 2701ක පිරිවැයක් දරා තිබුණ ද, සහල් අලෙවියෙන් ලැබී තිබුණේ රුපියල් කෝටි 1185ක් පමණක් බව ද මේ පිළිබඳ කළ විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. 

සීමාසහිත ලංකා සතොස විසින් 2014 සහ 2015 වර්ෂවලදී සිදු කරන ලද සහල් ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් 2016 සැප්තැම්බර් මස 20 වැනි දා කෝප් කමිටුවෙන් කළ ඉල්ලීමක් අනුව විගණකාධිපතිවරයා මෙම වාර්තාව සකස් කර ඇත. 

2012, 2013 සහ 2015 වර්ෂවල දී දේශීය සහල් නිෂ්පාදනය සත්‍ය පරිභෝජන සීමාව ඉක්මවා ගොස් තිබුණ ද එම වර්ෂවලදී විදෙස් රටවලින් සහල්  ආනයනය කර තිබුණු බව ද විගණන විමර්ශනයේ දී නිරීක්ෂණය වී තිබේ. 

2014 සහ 2015 වර්ෂවල අවස්ථා ගණනාවක දී සහල් ආනයනය කිරීමේ දී ලංකා සතොස ආයතනය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ගැන සැලකිල්ලක් දක්වා නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබේ.

එමෙන්ම සහල් මිල දී ගැනීමේ දී විධිමත් ගිවිසුම්වලට එළඹී නැති බව ද හෙළි වී ඇතැයි විගණකාධිපති දොපර්තමේන්තුව සඳහන් කරයි. 

විගණනයෙන් පරීක්ෂා කළ පසුගිය නොවැම්බර් 16 වැනි දා වන විටත් මාස 19කට ආසන්න කාලයක් සහල් බහාළුම් කිසිදු ප්‍රයෝජනයට නොගෙන වරාය පරිශ්‍රයේ සහ පෞද්ගලික බහාළුම් අංගන තුළ ගබඩා කර තිබෙන බව ද, ඒවා ගබඩා කිරීමේ දී කිසිදු ප්‍රමිතියකින් තොරව සිදු කර ඇති බව ද විගණනයේ දී අනාවරණය වී තිබේ. 

මෙලෙස සහල් ආනයනය කිරීමෙන් කෘෂි ආර්ථිකයට සිදුවන බලපෑම් ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා නොමැති බවට නිගමනය කරන විගණකාධිපතිවරයා මෙම අලාභය සදහා වගකිවයුතු නිලධාරීන් හදුනා ගත යුතු බවට සිය වාර්තාවෙන් නිර්දේශ කරයි.

ඉදිරියේ දී මෙවැනි අලාභ ඇති නොවීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතු බවටත් විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ. 

එසේම අනුමැතියකින් තොරව රජයේ මුදල් භාවිත කර ඇතැයි නිගමනය කරන විගණකාධිපතිවරයා ඒ සදහා නිලධාරීන් වගකීමෙන් බැදෙන බව ද සදහන් කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහල් ආනයනයෙන් රජයට කෝටි 1515ක පාඩුවක්! විමර්ශන වාර්තාවෙන් හෙළිවෙයි
සහල් ආනයනයෙන් රජයට කෝටි 1515ක පාඩුවක්! විමර්ශන වාර්තාවෙන් හෙළිවෙයි
http://ift.tt/2jFjxHB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/1515.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/1515.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy