රිය අනතුරකට ලක්ව මියගොස් ගාල්ල මහ මෝදර රෝහල වෙත රැගෙන ආ ගැබිනි මවකට රෝහලේ භාහිර රෝගී අංශය තුලදීම සිසේරියන් සැත්කමක් සිදුකර ඇගේ දරුවාගේ ජීව...
රිය අනතුරකට ලක්ව මියගොස් ගාල්ල මහ මෝදර රෝහල වෙත රැගෙන ආ ගැබිනි මවකට රෝහලේ භාහිර රෝගී අංශය තුලදීම සිසේරියන් සැත්කමක් සිදුකර ඇගේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ගාල්ල මහමෝදර රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (4) රාත්‍රියේ කටයුතු කර තිබේ.
අකුරැස්ස පැනෑටියන ප්‍රදේශයේ සිට ගාල්ල මහමෝදර රෝහලට දරු ප්‍රසූතිය සදහා මෙම ගැබිනි මව ත්‍රිරෝද රථයකින් රැගෙන එමින් සිටියදී ගාල්ල සමුද්‍රමාවත පළතුරු වෙළද සැල ඉදිරිපිටදී අනතුරට ලක්ව ඇත.
පසුව අනතුරට ලක්වූ ගැබිනි මව මහමෝදර රෝහලට රැගෙනවිත් ඇති අතර එම රෝහලේ වෛද්‍ය මධුශාන් වීරසිංහ මහතා ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව ක්‍රියාත්මකව ඇයට භාහිර රෝගී අංශය තුලදීම සිසේරියන් සැත්කමක් සිදුකර බිළිදාගේ ජීවිතය බේරාගෙන තිබේ.
මෙම අනතුරට ලක්වූ මව රෝහල වෙත රැගෙන එන විටත් මව මියගොස් සිටි බවද පැවසේ.
මියගිය කාන්තාවට උපන් බිළිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය උතුරු මාගල පදිංචි කාරියක වන කේ. චන්ද්‍රිකා ප්‍රියදර්ශණී නැමති 25හැවිරිදි කාන්තාවකි.
ගාල්ල සමුද්‍ර මාවතේ පළතුරු වෙළදසැල් අසළදී ත්‍රිරෝද රථයෙන් පිටතට තිබූ මවගේ හිස ගාල්ලේ සිට උඩුගම බලා ධාවනය යවමින් තිබූ බස්රථයක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
කාන්තාව මෙම අනතුරින් මියගොස් ඇති අතර බස් රථය නොනවත්වාම ධාවනය කර ඇතැයි වාර්තා වේ.
අනතුර සිදුකල බස්රථය හදුනාගෙන ඇති අතර සිද්ධියට අදාලව ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ. ඒ. උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
මියගිය කාන්තාවගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය අද (5) ගාල්ල කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතය.
වීඩියෝව පහතින්.
ගාල්ල - ලලිත් චාමින්ද
COMMENTS