මානව ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම පා ගමන ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙර...
මානව ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම පා ගමන ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා කියාසිටියේ පාද යාත්‍රාවට එක්ව සිටි පිරිස ගැන දුමින්ද දිසානායක මහතා, මහින්ද අමරවීර මහතා සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විවිධ කතා ප්‍රකාශ කර ඇති බවත් ඔවුන් සියල්ලගේ අරමුණ වූයේ පා ගමන කඩාකප්පල් කිරීම බවත්ය.
ඒ අතරින් කිරිඇල්ල මහතා යාරයක විතර කොටසක සෙනඟ සිටියා යැයි පවසා ඇත්තේ ඔහුගේම උපදේශකයින් කාර්යාලයට එන ආකාරය දැකීමෙන් වන්නට ඇති බවද මන්ත්‍රීවරයා කියාසිටියේය.
එමෙන්ම එම පා ගමනේ ආරම්භයේ සිටම මිලියන 02ක ජනතාවක් එක්වූ බවත් කොළඹට පැමිණියේ ඉන් මිලියනයක් බවත් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, මහනුවර සිට කොළඹ දක්වා ඇති එකදු දිස්ත්‍රික්කයක්වත් පසුගිය මැතිවරණයේදී තම පක්ෂයට ජයග්‍රහණය කිරීමට නොහැකි වූ ඒවා වුවද එතරම් පිරිසක් පාද යාත්‍රාවට එක්වීම විශාල ජයග්‍රහණයක් බවත් පැවසුවේය.
පාද යාත්‍රාව ගැන මාත්‍රයක් නොදන්නා එජාපය, ශ්‍රීලනිපය සමග යෝජිත විවාහයකට ගිය බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා ශ්‍රීලනිපයේ ස්වර්ණමය නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවද 77දී සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ එජාපය සමඟ දැන් ඔවුන් එකට සිටින බවද පෙන්වාදුන්නේය.
තවදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ සිරිකොත ඉදිරිපිටින් පාද යාත්‍රාව යද්දී හූ නොකී බවට මහින්ද අමරවීර මහතා කර ඇති ප්‍රකාශයෙන් පෙනී යන්නේ අමරවීර මහතා පාද යාත්‍රාවේ ගමන් මාර්ගයවත් නොදන්නා බව යැයි ද පැවසීය.
මෙම මාධ්‍ය හමුවට දිනේෂ් ගුණවර්ධන මහතා, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා, තිස්ස විතාරණ මහතා යන එක්ව සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ තොරතුරු දැන ගැනීමේ පනතට කථානායකවරයා අත්සන් කළ බවට ඊයේ (02) පැතිර ගිය ආරංචිය අසත්‍යයක් බවත් ඊට මෙතෙක් අත්සන් කර නොමැති බවත්ය.
COMMENTS