පසුගිය රජය සමයේ සිදුවූ විභාග වංචා සහ අක්‍රමිකතා නැවත සිදුනොවිය යුතු බවත් ඒ සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් අධ්‍යාපන අමාත...
පසුගිය රජය සමයේ සිදුවූ විභාග වංචා සහ අක්‍රමිකතා නැවත සිදුනොවිය යුතු බවත් ඒ සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත්තේ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ වාර්තාවූ සිද්ධි සැලකිල්ලට ගනිමිනි.
නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකරන විභාග වංචා පිළිබඳව මෙන්ම වෙනත් නම්වලින් විභාගයට පෙනී සිටින පුද්ගලයන් පිළිබඳව ද විභාග නීතිය අනුව ක්‍රියාකරන ලෙස ඔහු බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
පසුගියදා වෙනත් පළාත්වලින් පැමිණි විභාග අපේක්ෂකයන් 30දෙනෙකු නුවරඑළිය, ශාන්ත සේවියර් විද්‍යාලයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමත් තවත් අපේක්ෂකයන් 21 දෙනෙකු නාත්තණ්ඩිය, කොට්ටාරමුල්ල අල් හිරා විද්‍යාලයේදී විභාගයට පෙනී සිටීමත් පිළිබඳව පුවත් වාර්තා වු අතර මේ වනවිට එම සිද්ධිවලට සම්බන්ධ විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම් කර ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වෙමින් පවතී.
මීට අමතරව දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි විභාග අක්‍රමිකතා පිළිබඳව සෙවීමට විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ.
COMMENTS