රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේ දී ප්‍රශ්න කිරීමකට ලක්ව තිබේ. ඒ මහතාගේ පවුලේ සාමාජිකයින් සඳහන් ක...
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේ දී ප්‍රශ්න කිරීමකට ලක්ව තිබේ.
ඒ මහතාගේ පවුලේ සාමාජිකයින් සඳහන් කළේ උදයංග වීරතුංග මහතා අමෙරිකාව බලා පිටත්ව යාමට ඩුබායි ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්ව ඇති බවයි.
මිග් යානා ගනුදෙනුවට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කරමින් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
COMMENTS