කිරිබත්ගොඩ නගර මධ්‍යයෙන් අද(01) පෙරවරු 10.30ට පමණ ඇරැඹි ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මේ වන විට පෑලියගොඩ ගුවන් පාලම පසුකරමින් කොළඹ දෙසට ගම...
කිරිබත්ගොඩ නගර මධ්‍යයෙන් අද(01) පෙරවරු 10.30ට පමණ ඇරැඹි ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මේ වන විට පෑලියගොඩ ගුවන් පාලම පසුකරමින් කොළඹ දෙසට ගමන් කරමින් සිටියි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කිරිබත්ගොඩ සිට කිලෝමීටරයක් පමණ දුරක් පාගමනින් පැමිණි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණවීර, ලොහාන් රත්වත්තේ, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටිති.
පාද යාත්‍රාව කොළඹට පැමිණ බොරැල්ල කැම්බල් පිටියේදී අවසන් ජන රැලිය පැවැත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
COMMENTS