හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තිබූ වාහන සංචිතය සතු වාහන නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මේවන තෙක් ලබා දී නොමැති...
හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තිබූ වාහන සංචිතය සතු වාහන නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මේවන තෙක් ලබා දී නොමැති බව වාර්තා වෙයි.
මෙලෙස වාහන ලබා නොදීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඇතැම් අත්‍යවශ්‍ය කටයුතුවලට වාහන යෙදවීමේදී දුෂ්කරතා පැන නැගී ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය විසින් භාර නොදුන් වාහන තවමත් පරිහරණය කරන බවත් සඳහන් වෙයි.
ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට අයත් වාහන 39ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ලැබීමට නියමිත බව අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයාගේ කටයුතු පහසුකිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන ඇණියට වාහන 267ක් තිබිය යුතු බවත්, දැනට වාහන 228ක් පමණක් ලබාදී තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.
ඉතිරි වාහන සහ අරලියගහ මන්දිරය යළි ලබාදෙන්නැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයට මේ දක්වා දැනුම් දීමක් කර නැති බවත්, එවැනි දැනුම්දීමක් කිරීමට පෙර අදාළ ආයතන හා වාහන ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවත් ලේකම්වරයා පවසා සිටියේය.
COMMENTS