හෙට (02) සිට ආරම්භවීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට විභාග කොමසාරිස් කාර්යාලය නිවේදන කිහි...
හෙට (02) සිට ආරම්භවීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට විභාග කොමසාරිස් කාර්යාලය නිවේදන කිහිපයක්ම නිකුත් කර තිබේ.
ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකථන හා විද්‍යුත් උපකරණ විභාග ශාලාවට රැගෙන එන අයදුම්කරුවන්ගේ විභාග ප්‍රතිඵල හා වසර 05කට විභාගයට පෙනී සිටිමේ අවස්ථාව අහිමිකරන බව විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරයි.
මීට අමතරව අයදුම්කරුවෙක් වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකු විභාගයට පෙනී සිටීමට කටයුතු කළහොත් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවත් විභාග ශාලාව තුළදී අසුවෙන සියලුම නීතිවිරෝධී උපකරණ රාජසන්තක කරන බවටත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා ප්‍රකාශ කරයි.
වෙනත් පුද්ගලයෙකු යොදවා විභාගය ලිවීමට කටයුතු කරනා අයදුම්කරුවන්ට පනත අනුව දඬුවම් ලබාදෙන බව සඳහන් කළ ඒ මහතා සමස්ත විභාගයේ නිරීක්ෂණ කටයුතු සඳහා හදිසි විශේෂ මෙහෙයුම් කණ්ඩායම් 300 ක් යොදවන බව ද පැවසීය.
මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 315,605 ක් පෙනී සිටීමට නියමිත අතර එම පිරිසෙන් 241,991 ක් පාසල් අයදුම්කරුවන් වන අතර 74,614 ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.
මධ්‍යස්ථාන 2,204 කදී විභාගය පැවැත්වෙන අතර විභාග පරිපාලනය සඳහා 27,500 ක කාර්ය මණ්ඩලයක් යොදවා තිබේ.
උදේ 8.30 ට විභාගය ආරම්භ වන බැවින් අයදුම්කරුවන් උදේ 8.00 ට පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
සියලුම අයදුම්කරුවන් විභාග ප්‍රවේශපත්‍රය, ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ සේවා ගුවන් බලපත්‍රය අනිවාර්යෙන්ම රැගෙන ආයුතු වේ.
විභාගය පැවැත්වෙන වෙලාවේදී බාහිර පුද්ගලයන්ගෙන් අයදුම්කරුවන්ට සිදුවන බාධාවන් මඟහරවා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් යොදවා තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
එමෙන්ම එවැනි කටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට හෝ පොලිස් මූලස්ථානයට දන්වන ලෙසද ඉල්ලා සිටී.
මීට අමතරව විභාග ශාලාව තුළ කිසියම් විභාග වංචාවක් සිදුවන්නේ නම් ඒ බව විභාග අපේක්ෂකයන්ට හා දෙමාපියන්ට විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකිය.
දෙපාර්තමේන්තුවට ලැබෙනා සෑම පැමිණිල්ලක් වෙනුවෙන්ම විමර්ශනයක් සිදුකරන බවත් ඒ පිළිබඳව සොයා බැලීමට දිවයිනේ සෑම විභාග මධ්‍යස්ථානයක්ම ආවරණය වන ලෙස නිලධාරීන් යොදවා සිටින බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
විභාගයට සම්බන්ධ සියලුම විමසීම් හා පැමිණිලි කිරීම් සඳහා දුරකථන අංක කිහිපයක්ද හඳුන්වා දී ඇත.
මේ අනුව විභාග දෙපාර්තමේන්තුවට සිදුකරන සියලුම පැමිණිලි හා විමසීම් 1911, 0112 784208, 0112 784537, 0113 188350, 0113 140314 දුරකථන අංකවලින් සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීම සඳහා 119, 0112 421111 දුරකථන අංක හඳුන්වා දී තිබේ.
COMMENTS