අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (02) පෙරවරු 08.30ට ආරම්භ වෙයි. ඒ අනුව මධ්‍යස්ථාන 2204කදී විභාගය පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (02) පෙරවරු 08.30ට ආරම්භ වෙයි.
ඒ අනුව මධ්‍යස්ථාන 2204කදී විභාගය පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අයදුම්කරුවන් තුන් ලක්ෂ 15,605 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටින අතර ඉන් සිසුන් දෙලක්ෂ 40,991 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙයි.
විභාග ප්‍රවේශ පත්‍රය, ජාතික හැදුණුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන පෙරවරු 08.00 පෙර අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
විභාග ප්‍රවේශ පත්‍රයේ දෝෂ පවතීනම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ දුරකථන අංක 1911ට හෝ 011 2 784 208, 011 2 784 537 හෝ 011 3 188 350ට ඇමතීමෙන් නිවැරදි කර ගත හැකිය.
විභාගයේදී ස්මාට් අත් ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ භාවිතයෙන් වංචා සිදු කරනේද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති අතර එවැනි අවස්ථාවකදී දඩුවම් නියම කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
COMMENTS