අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. රාජපක්ෂ මහතාට නැවත ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියා...
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා කළ යුත්තේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමට අනුබල දීම නොවන බව හෙතෙම අවධාරණය කළේය.
මෙම මාධ්‍ය හමුවට එක වූ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා කියා සිටියේ පුවත් පත් වල පළවන ආකාරයේ ආණ්ඩුවෙන් ඉවත් වීමේ සාකච්ජාවකට සම්බන්ධ වී නොමැති බවත් එකඟතාව පරිදි කාලය අවසන් වීමෙන් පසුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂයක් ලෙස සියලු දෙනා සමඟ එක්ව තීන්දුවක් ගත යුතුය යන ස්ථාවරයේ සිටින බවයි.
නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක මහතාද මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය. ඔහු පැහැදිලි කරමින් කියා සිටියේ ශ්‍රීලනිපයේ සහ එජාපයේ ප්‍රතිපත්ති වෙනස්කම් මත ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ කණ්ඩායමක් ලෙස එක්ව ගැනීමට කටයුතු කරන බවයි.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=SmSpP0aPAMk&feature=youtu.be[/youtube]
.....
COMMENTS