එන්.ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කෝපරේෂන් හි රුපියල් මිලියන 45ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරිය බව කියන නිත්‍යා සේනානි සමර...
එන්.ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කෝපරේෂන් හි රුපියල් මිලියන 45ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරිය බව කියන නිත්‍යා සේනානි සමරනායක ලබන 22 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(16) නියෝග කළාය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය එම නියෝගය ලබාදී තිබේ.
එම චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා සුදර්ශන බණ්ඩාර ගනේගොඩ නැමැති අය ද ලබන 22 තෙක් රිමාන්ඩ් කිරීමට අධිකරණය ඊයේ නියෝග කළේය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සොහොයුරා වන යෝෂිත රාජපක්ෂ මහතා ද අද අධිකරණයට පැමිණ සිටි බව වාර්තා වේ.
COMMENTS