මෙ රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත්ව පවතින නිසා ඉන්ධන ආනයනය කිරීම තාවකාලිකව නතර කළ බව ඛනිජ තෙල් තොග සමාගමේ සභාපති උවයිස් මොහොමඞ් මහතා කියයි. ම...
මෙරටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත්ව පවතින නිසා ඉන්ධන ආනයනය කිරීම තාවකාලිකව නතර කළ බව ඛනිජ තෙල් තොග සමාගමේ සභාපති උවයිස් මොහොමඞ් මහතා කියයි.
මේ වන විට රටට ගෙන්වා තිබෙන ඉන්ධන ප්‍රමාණයෙන් දෛනික භාවිතය සියයට තිස්පහ, හතළිහ වැනි ප්‍රමාණයකට අඩු වී ඇති බවත් එය සැලකිල්ලට ගෙන ඉන්ධන ගෙන්වා ගබඩා කිරීමේ හැකියාවක් නොමැති නිසා මෙම පියවර ගත් බව ඔහු දිවයින පුවත්පතට පවසා තිබේ.
මේවන විට ලංකාව තුළ ගබඩා කළ හැක්කේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් අනූදහසක් සහ ඞීසල් මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ හැත්තෑ දහසක් පමණක් බවද වාර්තා වේ.
එසේම ඉන්ධන ගබඩා කළ හැකි උපරිම දින ගණන 20ක් බවද පැවසේ.
රටට අවශ්‍ය ඉන්ධන සතියෙන් සතිය ඇනවුම් කෙරෙන අතර ඇණවුම් කරන ඉන්ධන කොලොන්නාවෙ සහ මුතුරාජවෙල ප්‍රධාන ගබඩාවල තැන්පත් කිරීම සිදු කෙරේ.
දෛනිකව පෙට්‍රල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3500ක් පමණ වන අතර එසේ අවශ්‍ය ඞීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5000ක් පමණ වේ.
මේ වන විට දෛනිකව පාවිච්චි කරනු ලබන්නේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2000ක් සහ ඞීසල් මෙට්‍රි ටොන් 3500 පමණක් බවද වාර්තා වේ.
ත්‍රිමලේ ටැංකි 10
මේ අතර, ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ ඇති ටැංකි දහයක් නැවත ලබා ගැනීමට රජය කළ ඉල්ලීමකට ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
මේ ඉල්ලීම සිදු කර ඇත්තේ මේවන විට ලෝක වෙළඳ පොළ තුළ ඉන්ධන මිල අඩුවී ඇති හෙයින් ඉන්ධන ගබඩාකර ගැනීමට බවද පැවසේ.
මෙම තෙල් ටැංකි සංකීරණය 2001දී එවකට පැවැති රජය විසින් ඉන්දියාවට පවරා දී තිබිණි.
කෙසේවුවද, දැනට පාවිච්චියට නොගන්නා මෙම තෙල් ටැංකි දහය ලක් රජයට පවරාගෙන අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් පමණ වැය වෙතැයි ද ඇස්තමේන්තු කර ඇති බව පැවසේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දිය තානාපති කාර්යාල නිලධාරීන් මේ පිළිබඳ මූලික වටයේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද මේ අතර වාර්තා වේ.

COMMENTS