රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායී පදනම මත මෝටර් රථ ලබාදීමේ යෝජනා ක්‍රමය සංශෝධන සහිතව යළි ක්‍රියාත්ම කිරීමට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇ...
රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායී පදනම මත මෝටර් රථ ලබාදීමේ යෝජනා ක්‍රමය සංශෝධන සහිතව යළි ක්‍රියාත්ම කිරීමට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
සහනදායී පදනම මත ලබාදෙන මෝටර් රථ බලපත්‍රයේ වටිනාකම අමෙරිකානු ඩොලර් 30,000ක් වන අතර ඒ සඳහා සියයට 50ක බදු සහනයක් හිමිවන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, වෛද්‍යවරුන්, නීතීඥවරුන්, විශ්වවිද්‍යාල කුලපතිවරුන් සහ ආචාර්යවරුන් අනධ්‍යයන කාර්යය මණ්ඩල විධායක ශ්‍රේණියේ නිලධාරීන් මෙම මෝටර් රථ බලපත්‍ර හිමිකමට ඇතුළත් වේ.
නව චක්‍රලේඛය යටතේ අදාළ නිලධාරීන්ගේ සේවා කාලය සළකා බලපත්‍ර ලබාදීම සිදුකරන අතර රාජ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වසර 6ක සේවා කාලයක් සැපිරිය යුතු බවත්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා එම කාලය වෙනස් වන බවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එමෙන්ම නිලධාරියෙකුට ලබාගත හැකි උපරිම බලපත්‍ර ගණන දෙකක් වන අතර පළමු බලපත්‍රය ලබාගත් පසු දෙවැනි බලපත්‍රයේ හිමිකම ලබාගත හැකි වන්නේ වසර 10කට පසුව බව අමාත්‍යාංශය පවසයි.
2010 වසරේ සිට රාජ්‍ය සේවකයින් වෙත ලබා දී ඇති නිදහස් බලපත්‍ර සංඛ්‍යාව 38,000 ඉක්මවන අතර ලබාදී ඇති බදු සහනවල වටිනාකම රුපියල් බිලියන 143 ඉක්මවන බව වාර්තා වේ.
COMMENTS