දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජවිපෙ යළිත් වෙනසක් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ජවිපෙ යළිත් වෙනසක් ඉල්ලයි

PropellerAds

ජනතාව මත බදු බර පටවමින් ඔවුන් පීඩාවට පත්කරන වත්මන් ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට රට ගොඩනැගිය නොහැකි බවත් හැකි ඉක්මනින්ම රටට වෙනසක් අවශ්‍යය බවත්...

මුහුදුබඩපත්තුවත් ඉලංකෙයි තමිල් අරසු කච්චියට
පච්චිලයිපාලි හා පුන්කරී ඉලංකෙයි තමිල් අරසු කච්චි ජයගනී
කිරින්ද ප්‍රාදේශීය සභාවේ ජයත් පොහොට්ටුවට
ජවිපෙ යළිත් වෙනසක් ඉල්ලයි

ජනතාව මත බදු බර පටවමින් ඔවුන් පීඩාවට පත්කරන වත්මන් ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට රට ගොඩනැගිය නොහැකි බවත් හැකි ඉක්මනින්ම රටට වෙනසක් අවශ්‍යය බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07)'ණයබර, බදුබර සහ බිඳවැටෙන ආර්ථිකය' මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ බද්දේගම ආසන බල මණ්ඩලය සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණ මාලාවේ වදුරඹ නගර ශාලා රැස්වීමේ දීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "මේ දෙගොල්ලොටම රට හදන්න බෑ. වෙනසක් අවශ්‍ය වෙනවා. නාස්තිය දුෂණය නැති කරන්න මොවුන්ට බෑ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය නාස්තිය දුෂණය නැතිකර මහා පරිමාන ධනවතුන්ගෙන් බදු ලබාගෙන දුප්පත් ජනතාව බදුවලින් නිදහස් කිරීමයි. එත් දැන් එකේ අනිත් පැත්තවෙලා තියෙන්නේ." යි කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, "මේ පක්ෂ දෙකටම රට ගොඩනගන්න බෑ. මේ දේශපාලන නායකයෝ ජරා ජීරණය වෙලා. නාස්තිය දුෂණය මේ දෙගොල්ලොන්ගෙම තියෙනවා. ඇට දිරපු මොනරාගල ඇමති කෙනකුට සුඛෝපභෝගී වාහනයක් නැතිව යන්න බැරිලු. මොනරාගල ඉතාම දුගී දුෂ්කර දිස්ත්‍රික්කයක්. එහෙන් අවුරුදු පහළොවක ඉදලා පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිලා බලන්නේ ඒ මිනිසුන්ගේ දුක නොවෙයි. ඔවුන්ගේ වාසියයි.

නාස්තිය ඉහවහා ගියපු යුගය අවසාන නැහැ. මහින්ද රාජපක්ෂලාගේ කාලය වගේම මේ පාලනයේත් නාස්තිය දුෂණය තියෙනවා. ඒ කාලෙත් මේ කාලෙත් වෙනසක් තිබේද ? මොරගහකන්ද උත්සවයට හාමුදුරුවරු දහසක් වැඩමවා පිරිත් කිව්වා. විසිපන්දාහක් සෙනඟ ගෙනගියා. මේවාට කොපමණ වියදම් යනවාද. මේකට හාමුදුරුවන් දහසක් ඕනෙද? ඇයි හාමුදුවරුන් කිහිප නමක් වැඩමුවාම අඩුවක් වෙනවාද?. මේ දෙගොල්ලම ඒකයි. අපි ඇමතිකම් දරපු කාලයේ අපි දෙන්න උත්සව වලට ගියේ කැබ් එකක. ඒ යනකොට අමාත්‍යාංශයේ නිලධාරින් ලොකු වාහන වලින් අපිත් එක්ක එතනට යනකොට කැමරා මානගත් අයත් මිනිස්සුත් දුවන්නේ අර ලොකු වාහන ලඟට. අපි ගිහින් පිත්ත පිටි කපලා එතන වැඩේ පටන් ගත්තම තමයි එයාල අපි ලඟට ඇවිත් කතා කරන්නේ. ඔවුන්ට වැරදුනා. නැවත පිත්තපටි කපන්න වගේ ඉන්න කියලා. මෙහෙම ටික දවසක් යනකොට නිලධාරිනුත් එක වාහනයක කට්ටියම ගිහින් හවස අමාත්‍යාංශයට ඇවිත් වැඩකලා. අපි ඔවුන්ට බැන්නේ නැහැ. ආදර්ශයෙන් කටයුතු කළා පමණයි"යි පැවසීය.

ගාල්ල - ලලිත් චාමින්ද

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජවිපෙ යළිත් වෙනසක් ඉල්ලයි
ජවිපෙ යළිත් වෙනසක් ඉල්ලයි
http://ift.tt/2bdmbxU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_431.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_431.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy