පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම හා ඉන්පසු පළාත් පාලන ආයතනවලට බෙද...
පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම හා ඉන්පසු පළාත් පාලන ආයතනවලට බෙදා දුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගොනු කර තිබූ ප්‍රතිචෝදනා අයදුම්පත විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.ඩී.එස්.මොරායස් මහතා කඩුවෙල අධිකරණයෙන් ලබාදුන් රිමාන්ඩ් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස අද (08) නියෝග කළේය.
මෙවැනිම නඩු කිහිපයකට මහාධිකරණය බැසිල් රාජපක්ෂට ඇප ලබාදී තිබීම සහ විමර්ශනය කළයුතු වැදගත් අදියරයන් මේ වනවිට අවසන්වී තිබීම යන හේතු මත එම නියෝගය ලබාදුන් බව විනිසුරුවරයා සඳහන් කළේය.
ඒ අනුව රිමාන්ඩ් භාරයේ සිටින බැසිල් රාජපක්ෂගේ එම නඩුව අද (8) කඩුවෙල අධිකරණයේ දී විමසීමට නියමිතය.
COMMENTS