පසුගිය රජය සමයේ සිදුවූ වංචා, දූෂණ සහ මිනීමැරුම් පිළිබඳ පරීක්ෂණ කරන ආකාරයෙන්ම 1989, 1990 වසරවල සිදුවූ ජීවිත හා දේපළ හානි පිළිබඳව සොයා බැලීම...
පසුගිය රජය සමයේ සිදුවූ වංචා, දූෂණ සහ මිනීමැරුම් පිළිබඳ පරීක්ෂණ කරන ආකාරයෙන්ම 1989, 1990 වසරවල සිදුවූ ජීවිත හා දේපළ හානි පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත්කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා විසින් ගෙන ආ යෝජනාවක් අද (09) විභාගයට ගනිමින් තිබියදී ගණ පූරණය නොමැති වීමෙන් අතරමැද කල්තබා තිබේ.
ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ගෙන ආ මෙම යෝජනාවේ විවාදයට අවහිර කරමින් ගණ පූරණයක් නැතැයි ප්‍රශ්නයක් මතුකර ඇත්තේ ආණ්ඩු පක්‍ෂයේම මන්ත්‍රීවරයෙකු වන රෝහණ අබේගුණවර්ධන මහතාය.
පසුගිය සභාවාරයේදී ද ගණපූරණය නොමැතිවීම හේතුවෙන් සභාව අතරමැද කල් තැබුණු අතර එදිනද ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ගෙන ආ යෝජනාව විවාදයට ගනිමින් තිබියදී ගණ පූර්ණය පිළිබද ප‍්‍රශ්නය මතු කළේ ආණ්ඩු පක්‍ෂයේම මන්ත‍්‍රීවරයෙකු විසිනි.
COMMENTS