ම හ මැතිවරණයක් එපා යැයි සමගි ජන බලවේගයේ ඇතැම් නියෝජිතයින් කරන ප්‍රකාශ නතර කිරීමට පියවර ගැනීම වඩාත් සුදුසුම පියවර බව එහි නායක සජිත් ප්‍රේමදා...
මහ මැතිවරණයක් එපා යැයි සමගි ජන බලවේගයේ ඇතැම් නියෝජිතයින් කරන ප්‍රකාශ නතර කිරීමට පියවර ගැනීම වඩාත් සුදුසුම පියවර බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පක්ෂයේ ජේෂ්ඨයින් කිහිපදෙනෙක්ම දැනුම් දී තිබේ. මැතිවරණයක් එපා නොව පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් පාලනය වූ පසු මැතිවරණය පැවැත්වීම සුදුසු බව ප්‍රකාශ කිරීම දේශපාලන වශයෙන් වඩාත් වාසිදායක වන බව ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී තිබේ.
රටේ පළාත් සභා 09 මේ වන විට ක්‍රියාත්මක නොවුනත් පළාත් සභා තිබුණාටත් වඩා හොඳින් මේ වන විට රටේ වැඩ කටයුතු සිදු වන බවට ජනතාව තුළ පොදු මතයක් ගොඩනැගී ඇති බවත් එය පාර්ලිමේන්තුවක් නොමැතිව රට ඉදිරියට ගෙන යා හැකි බවට වන මතය දක්වා වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතු බව එම ජේෂ්ඨයින් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී තිබේ.

COMMENTS