උතුරු සහ නැඟෙනහිර පළාත්වල යුද්ධයෙන් හානි වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා ප්‍රතිස්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ. ...
උතුරු සහ නැඟෙනහිර පළාත්වල යුද්ධයෙන් හානි වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා ප්‍රතිස්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.
උතුරු නැඟෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් වැදගත් විහාරස්ථාන/ආගමික සිද්ධස්ථාන රාශියක් හානියට පත් වී ඇති අතර ඒවායේ ප්‍රතිසංස්කරණ කටයුතු ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව සෘජුවම එම පළාත්වල විහාරස්ථානවල/ආගමික සිද්ධස්ථානවල භාරකාර මණ්ඩල වෙත ලබා දෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් ව ඇත.
මෙවැනි ප්‍රතිසංස්කරණ කටයුතුවල ස්වභාවය සහ ඒ වෙනුවෙන් දෙස් - විදෙස් විවිධ මූලාශ්‍රවලින් ලැබෙන ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර මෙන්ම ශ්‍රම දායකත්වයද සැලකිල්ලට ගෙන, අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ, උතුරු නැඟෙනහිර පළාත්වල යුද්ධයෙන් හානි වී ඇති විහාරස්ථාන/ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය/ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු සෘජුවම අදාළ විහාරස්ථානයේ/ආගමික සිද්ධස්ථානයේ කළමනාකාර/භාරකාර මණ්ඩලය වෙත පිරිනැමීමට කටයුතු කරනු ලැබ ඇති බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
COMMENTS