පොලිස් නිලධාරීන් සඳහා අයවැයෙන් වැඩිකළ වැටුප් ලබාදීම ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල...
පොලිස් නිලධාරීන් සඳහා අයවැයෙන් වැඩිකළ වැටුප් ලබාදීම ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගිය දා කොටවිල පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
මෙම වැටුප් වැඩිකිරීමේ කටයුත්ත සඳහා අමාත්‍යවරයා ලෙස තමන් ද, අමාත්‍යංශ ලේකම්වරයා ද, අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ ද පුර්ණ සහයෝගය ලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
රජය ලබාදුන් පොරොන්දුව යටතේ වැටුප් වැඩිකිරීම ලබාදෙන බවත් ජනවාරි පළමු වනදා සිට පසු වැටුප් සමගම එම වැටුප් වැඩිකිරීම සිදුකරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉදිරියේ දී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට (PTA) ත්‍රස්ත විරෝධී පනතක් ගෙන එන බවත් රටේ ජනතාව, ස්වාධීනත්වය සහ රටේ ආරක්ෂාව ඇතිකිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ නීති හා උපක්‍රමයන් යොදාගනිමින් පොලිස් සේවය වැඩිදියුණු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS