අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම හේතුවෙන් වසා තැබෙන පාසැල් ප්‍රකාශයට...
අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම හේතුවෙන් වසා තැබෙන පාසැල් ප්‍රකාශයට පත්කර තිබේ.
උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පාසැල් වසා තැබෙන්නේ මෙම මස 29 වනදා සිට ලබන මස 11 වනදා දක්වායි.
එහිදී පාසැල් 06ක් සම්පුර්ණයෙන්ම වසා ඇගයීම් කටයුතු සිදු කරන අතර එම පාසැල් යළි විවෘත කෙරෙන්නේ සැප්තැම්බර් මස 13 වනදායි.
පාසැල් පැවැත්වෙන අතරවාරයේ කොටසක් වසා දමා උසස් පෙළ විභාග ඇගයීම් කටයුතු සිදුකරන පාසැල් 21ක් වන අතර එම පාසැල් නියමිත පරිදි මෙම මස 31 වනදා යළි අධ්‍යයන කටයුතු ආරම්භ වේ.
මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පාසැල් 39 ක් යොදා ගැනෙයි.
මෙම මස 29 වනදා සිට ලබන මස 3 වනදා දක්වායි එහි ඇගයීම් කටයුතු සිදු වේ.
එහිදී පාසැල් 35 ක් සම්පුර්ණයෙන්ම වසා දමා ඇගයීම් කටයුතු සිදු කෙරේ.
එම පාසැල්වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කෙරෙන්නේ සැප්තැම්බර් 05 වනදායි.
පාසැල පැවැත්වෙන අතරවාරයේ කොටසක් වසා ඇගයීම් සිදු කෙරෙන පාසැල් 04 ක් වන අතර එම පාසැල් නියමිත පරිදි මෙම මස 31 වනදා ආරම්භ වනු ඇති.
COMMENTS