දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාධ්‍යවේදියාගේ පෙනුම අවුල් ලස්සනට හිටිය නං අවුලක් වෙන්නෑ -හත් පොළේ ගා ගත් රංගජීව හිරිහැර කළ මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලයි
Homeප්‍රවෘත්ති

මාධ්‍යවේදියාගේ පෙනුම අවුල් ලස්සනට හිටිය නං අවුලක් වෙන්නෑ -හත් පොළේ ගා ගත් රංගජීව හිරිහැර කළ මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලයි

PropellerAds

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම, ඔහුට හිරිහැර කිරීම සම්බන්ධයෙන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යා...

ජනපති යළි දිවයිනට
උතුරේ නැවත පදිංචිවූ පවුල් රැසක ගෘහ මූලිකයා කාන්තාවක්
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 18දා සිට
අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම, ඔහුට හිරිහැර කිරීම සම්බන්ධයෙන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.

බස්නාහිර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ පැවති ‍මාධ්‍ය හමුවකදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව නියෝමාල් රංගජීව මහතා ප්‍රකාශ කර තිබේ.

එහිදී ඔහු සඳහන් කළේ අදාල මාධ්‍යවේදියාගේ පෙනුම සම්බන්ධයෙන් සැක සහිත වූ බැවින් තමාගේ ආරක්ෂාව සඳහා එවැනි පියවරක් ගැනීමට සිදු වූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංගජීව මහතා,

'උසාවියෙදි ඕන තරම් මිනී මරලා තියනවා, අපරාධ කරලා තියනවා. ඒ නිසා මාධ්‍ය හැඳුණුම්පතක් හදාගෙන ඕන කෙනෙකුට උසාවිය ඇතුළට ඕනනං එන්න පුලුවන්. මාධ‍වේදියා කියන එයාගෙ පෙනුම සැක සහිත උනා. මම කවදාවත් මූණ වහගෙන ආපු කෙනෙක් නෙවෙයි. ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මිස මාධ්‍යවේදීන් එක්ක මට ගැටුමක් නෑ. මම ඒ වෙලාවෙත් ඒ මල්ලිත් එක්ක කතා කරල කිව්වා පෙනුම අවුල් නිසා තමයි ඒ වගේ ප්‍රශ්නයක් උනේ කියලා. ඒක දැක්මෙ අවුලක්. නැතුව මට මාධ්‍යවේදීන් එක්ක ප්‍රශ්නයක් නෑ. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. මම ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටිනවා.'

ඒ අනුව ඉදිරියේදී තමන්ගේ පිළිවෙල පිළිබඳ මාධ්‍යවේදීන්ට වෙනදාට වඩා සැලකිලිමත් වන්නට සිදුවනු ඇත. එසේ නොමැති වුවහොත් මෙවැනි කරදරවලට ලක්වීමට සිදුවනු ඇත. ඇතැම්විට ඉදිරියේදී අඟුලාන පොලීසියේ වැනි නිළධාරීන් මාධ්‍යවේදීන්ගේ පෙනුම අප්සට් යැයි කියමින් ආත්මාරක්ෂාවට වෙඩි තැබීමට වුවද පසුබට නොවනු ඇත.

ඒ නිසා තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් අද සිට මාධ්‍යවේදීන්ට තමන්ගේ පෙනුම පිළිබඳව වෙනදාට වඩා සැළකිල්ලක් යොමු කිරීම අතිශය වැදගත් වනු ඇත.

අදාල සිදුවීම සම්බන්ධයෙන්, අගතියට පත් මාධ්‍යවේදියා විසින් ඊයේ පොලීසියට පැමිණිල්ලක් සිදුකළ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධක්ෂන ජනරාල්වරයා ද වැඩබලන පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම මාධ්‍යවේදියා උසාවි සංකීර්ණය තුළ සිය මාධ්‍ය රාජකාරිය සිදු කරමින් සිටියදී, නඩු කටයුත්තක් සඳහා පැමිණි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාගේ ඡායාරූප කිහිපයක් ලබාගෙන තිබේ. ඉන් අනතුරුව රංගජීව මහතා අදාල මාධ්‍යවේදියාගේ කමිසයෙන් ඇදගෙන ඔහුව පොලිස් මුරපොල වෙත රැගෙන ගොස් ඇති අතර මාධ්‍යවේදියා සතු කැමරි චිප් දෙකක්ද බලහත්කාරයෙන් පැහැරගෙන තිබිණි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වන්නේද නියෝමාල් රංගජීවය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාධ්‍යවේදියාගේ පෙනුම අවුල් ලස්සනට හිටිය නං අවුලක් වෙන්නෑ -හත් පොළේ ගා ගත් රංගජීව හිරිහැර කළ මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලයි
මාධ්‍යවේදියාගේ පෙනුම අවුල් ලස්සනට හිටිය නං අවුලක් වෙන්නෑ -හත් පොළේ ගා ගත් රංගජීව හිරිහැර කළ මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjT9N8sWjjA4IlVcKTb5SO8HrteSmv8GoNZekhMp8QybhlluaOMwZJUKwZGO2Hhb9WyHzqtGaDnmbvCaFbnYWC1cztv334QzwYXf8Fcn9DhYuTFF01Eq06eP8cEyo9i9oIz3s6zG132prg/s320/rangajeewa.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjT9N8sWjjA4IlVcKTb5SO8HrteSmv8GoNZekhMp8QybhlluaOMwZJUKwZGO2Hhb9WyHzqtGaDnmbvCaFbnYWC1cztv334QzwYXf8Fcn9DhYuTFF01Eq06eP8cEyo9i9oIz3s6zG132prg/s72-c/rangajeewa.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_530.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_530.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy