ර නිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධූරයට පත්කර නව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධ...
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධූරයට පත්කර නව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සූදානම් කරමින් ඇති බව අනිද්දා පුවත්පත වාර්තා කරයි.
ආණ්ඩුවේ ප්‍රබලයකුගේ හිතවත්කම් මත පවත්වාගෙන යන බව කියන මෙම පුවත්පත තවදුරටත් වාර්තා කර ඇත්තේ පිහිටුවනු ලබන භාරකාර ආණ්ඩුව තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ද ඇමැති ධුරය ලැබීමට නියමිත බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට නොලැබෙන තත්වයක් ඇතිව තිබෙන නිසා ප්‍රේමදාස මහතා මෙම නව ආණ්ඩුවේ අගමැති ධුරය සම්බන්ධයෙන් සලකා බලන්නට ඉඩ ඇතැයි ද එජාප ප්‍රබලයෙක් උපුටා දක්වමින් වාර්තාව තවදුරටත් සඳහන් කරයි.
පවතින තත්වය මත මැතිවරණයක් පැවැත්වීමේ දී අවාසිදායක ලෙස බලපානු ඇතැයි එජාපයේ මෙන්ම ශ්‍රීලනිප පිරිස්ද කල්පනා කරමින් සිටින නිසා මෙම භාරකාර ආණ්ඩු යෝජනාවට එජාපයේ බොහෝ මන්ත්‍රීවරුන් ද කැමති වීමේ පසුබිමක් නිර්මාණය වී ඇති බවද එම ප්‍රබලයා කියූ බව වාර්තාවේ තව දුරටත් සදහන් වෙයි.

COMMENTS