අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත කරගත් ආකාරය නිවැරදි නොවන බව සඳහන් කරමින් කතානායකවරයාට අද (16) හෝ හෙට ලියවිල්ල...
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත කරගත් ආකාරය නිවැරදි නොවන බව සඳහන් කරමින් කතානායකවරයාට අද (16) හෝ හෙට ලියවිල්ලක් බාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (15) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සාමාන්‍ය පනතක් සම්මත කළ යුතු ආකාරයෙන් බැහැරව මෙම පනත සම්මත කරගත් බවත් පනතක් සම්මත කළ යුත්තේ කෙසේද කියාත් දීර්ඝ වශයෙන් මෙම ලියවිල්ලෙහි කරුණු අඩංගුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා එය සකස් කළ බවද නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.
COMMENTS