දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාකදුරේ මධුෂ් දේශපාලනඥයින් 07ක නම් කියයි.. ආණ්ඩුවේ 04ක්.. විපක්‍ෂයේ 03ක්..
Homeප්‍රවෘත්ති

මාකදුරේ මධුෂ් දේශපාලනඥයින් 07ක නම් කියයි.. ආණ්ඩුවේ 04ක්.. විපක්‍ෂයේ 03ක්..

PropellerAds

තුට්ටු දෙකේ දේශපාලනඥයින් හත් දෙනෙකුගේ දේශපාලන ජාවාරම් මාකදුරේ මධූෂ් විසින් හෙළිකර ඇති බවත්, ඔවුන්ගේ නම් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලින්යෙන් ප...

3000ක විදුලි බිල 6300 වේවි... කොහොමද මිනිස්සු දරාගන්නෙ... ජනවාරියේ විදුලි බිල වැඩි කරන්න දෙන්නෙ නෑ - මහජන උපයෝගීතා කොමිසම කියයි
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් එක්ක වත්මන් ජනාධිපති ලේකම් බිරිය ගැසූ කිරි හරක් ගේම ආයෝජකයෙක් හෙළි කරයි!
මැතිවරණ කොමිසම ඉන්නේ රහස් කුමන්ත්‍රණයකද? පුංචිහේවා කියන්නේ කාගේ කව්ද? එයා ගහන්න හදන ගේම් එක මොකද්ද? අනුර හෙළිකරයි! (VIDEO)
තුට්ටු දෙකේ දේශපාලනඥයින් හත් දෙනෙකුගේ දේශපාලන ජාවාරම් මාකදුරේ මධූෂ් විසින් හෙළිකර ඇති බවත්, ඔවුන්ගේ නම් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලින්යෙන් පසු ජනතාවට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
එම දේශපාලනඥයින්ගෙන් තිදෙනෙකු විපක්ෂයේ බවත්, සිව් දෙනෙක් ආණ්ඩු පක්ෂයේ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

විපක්ෂයේ සිටින එක් අයෙකු තමන්ට චෝදනා එල්ල කළ විමල් වීරවංශ මහතාගේ ගෝලයෙකු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

උතුරු පයාගල සිට ගොරකදුව පාර අධිෂ්ඨාන පුර දක්වා මාර්ගය කාපට් කිරිම ආරම්භ කිරීමෙන් පසු පැවැති ජන හමුවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (29) පස්වරුවේ මේ බව ප්‍රකාශ කළේය.

මාර්ගය කාපට් කිරීම සදහා වැය කරන මුදල තුන්කෝටි අසූඅටලක්ෂයකි. මෙම මාර්ගයේ කිලෝමීටර් 02 වැඩි කොටසක් මෙලෙස කාපට් කිරීමට කටයුතු යොදා ඇත.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,

“කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය විශේෂ කාර්ය බලකාය පසුගියදා වටලනු ලැබුවා. එය කාගේ ද කියා කවුරුත් දන්නවා.

ප්‍රාදේශීය සභාවේ ඉදලා කැබිනට් අමාත්‍යධූරයක් වත් නොලබා කළුතරම දිස්ත්‍රික්කයම සල්ලිවලට ගන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙක් තමයි එම නිෂ්පාදනාගාරයට පූර්ණ සහයෝගය ලබාදෙන්නේ. අල්ලාගත් සැකකරු ඒකාබද්ධ විපක්ෂයෙන් මැතිවරණ වලටත් ඉදිරිපත් වුනා.



පසුගිය රජය කාලයේ ද කළුතර දිස්ත්‍රික්කයේ රා කර්මාන්තය විනාශ කිරීමට ඔවුන් කටයුතු කළා. රා කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට මම වැඩපිළිවෙළක් දියත් කළත් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩි වුනා.

වෛද්‍යවරයෙක් ලෙස මම රා බීම හොද යැයි කියන්නේ නැහැ. රා කර්මාන්තය විනාශ කරමින් සමාගම් වලට රා කර්මාන්තය විකුණලා දැම්මා.

බේරුවලට කෘත්‍රීම රා හලාවත සිට ගෙනඒමට පටන් ගත්තා. ඒවා ශරීරයට අහිතකරයි. එවැනි වැරදි සිදු කළේ මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයට සහයෝගය ලබාදුන් පුද්ගලයායි.

ඊට එරෙහිව මම සටන් කළත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උල්පන්දම් ලබාදුන්නා. එවැනි අපචාර නතර කිරීමට උත්සාහ කළේ නැහැ. මට කළකිරීමක් ඇති වුනා.

වත්මන් රජය යටතේ කෘත්‍රීම රා නිෂ්පාදනය කිරීම නතර කිරීමට අපට හැකියාව ලැබුනා. ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විඡේමාන්න මහතාගෙන් සහයෝගය ලැබුනා.

විශේෂ කාර්ය බලකාය විසින් වැටලූ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුට විතරක් පව්ත්වාගෙන යන්න බැහැ. කාගේ හරි මුදල් ආයෝජනය කළ යුතුයි.

පසුගිය කාලයේ මත්පැන් නිෂ්පාදනය අඩු වුනා කියලා කියනවා. නමුත් දේශපාලන බලපෑම් මත මෙවැනි ආකාරයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සිදුව තිබෙනවා. එවැනි තුට්ටු දෙකේ දේශපාලනඥයින් සමග තමයි අපි රට හදන්න යන්නේ. ජනතා ඡන්දයෙන් ඔවුන් බිස්නස් කරනවා.”

නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙලට මෙන්ම පිළිකා ඖෂධ අඩු කිරීමේ වැඩපිළිවෙළටත් ඇතැම් වෛද්‍යවරුන් විරුද්ධයි.

මම දුම්කොළ, ඖෂධ, පැණිබීම මාෆියාවට එරෙහිව සටන ආරම්භ කළ විට ලෝක සෞඛ්‍ය සංවිධානය සහයෝගය ලබාදුන්නා. එම සංවිධානයේ 2016 වාර්තාවේ සදහන් වෙනවා මෙම සටනේ දී අපි සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින බව.

පසුගිය කාලයේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය කරමින් කොමිස් ගත් පුද්ගලයින් මට විරුද්ධව වැඩ කරනවා. මගේ චරිතය ඝාතනය කරන්න හදනවා.

පෙත්සම් අත්සන් කරනවා. සේනක බිබිලේ මහතාටත් විරුද්ධව එවැනි වැඩපිළිවෙළක් දියත් වුනා. ඔහු අවසානයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සිටින්නේ කෙළෙහි ගුණ නොදත් අය කියලයි.

කුමන බාධක පැමිණියත් මම කලබල නොවී ඉදිරියට යනවා. මෙවැනි කොල්ල කෑම් නතර කරනවා. මට මේ රටේ බලය ලැබුනු දවසක බඩු මිලත් අඩු කරනවා. වංචා, දුෂණ සහ කොමිස් නැති කරලා බෙදාහැරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කළ පසු එය සිදු කරන්න පුළුවන්.”

මෙම අවස්ථාවට බේරුවල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඉෆ්ථිකාර් ජමිල් මහතා, බේරුවල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු සහ පළාත් පාලන නියෝජිතයින් ඇතුලු ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

– adaderana
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාකදුරේ මධුෂ් දේශපාලනඥයින් 07ක නම් කියයි.. ආණ්ඩුවේ 04ක්.. විපක්‍ෂයේ 03ක්..
මාකදුරේ මධුෂ් දේශපාලනඥයින් 07ක නම් කියයි.. ආණ්ඩුවේ 04ක්.. විපක්‍ෂයේ 03ක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrsn51wZkKGwbqzPkb9HLeJOeSMI_piV47CzMMhfZSA_AN4JzH2oALTN-zv1VkimLV_VZClBia5ztGsm77r5mcAXefX7WWYAdJ4YeFkxqvlwohroyy0N8y2lwgyxpnkW3HWqcpjfl2GRlj/s320/Makandure-Madush-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrsn51wZkKGwbqzPkb9HLeJOeSMI_piV47CzMMhfZSA_AN4JzH2oALTN-zv1VkimLV_VZClBia5ztGsm77r5mcAXefX7WWYAdJ4YeFkxqvlwohroyy0N8y2lwgyxpnkW3HWqcpjfl2GRlj/s72-c/Makandure-Madush-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/07-04-03.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/07-04-03.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy